ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සියල්ල සපයා ඇති බව දිස්ත්‍රික් ලේකම් කියයි

    ජූනි 27, 2018

    මෙවර ජාතික පොසොන් උත්සවය සඳහා අනුරාධපුර අටමස්ථානය,මිහින්තලය සහ තන්තිරිමලේ පැවැත්වෙන පිංකම් වලට සහභාගිවිම සඳහා බැතිමතුන් දසලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක මහතා පවසයි.

    ඔවුන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්,නවාතැන් පහසුකම් හා මාර්ග තදබදය මඟහැරවීමට විශේෂ වැඩපිළිවෙලවල් මෙන් ම බැතිමතුන්ට නිදහසේ වන්දනා කිරිමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරිම ආදි කටයුතු මේ වන විට සංවිධානය කොට අවසන් බවද ඒ මහතා අනුරාධපුරයේ පැවැති මාධ්‍ය හමුවක දි සඳහන් කළේය.


    ''මෛත්‍රියෙන් සිත් නිවමු'' තේමාව යටතේ දාන,සීල ,භාවනා වැඩසටහන් වලට මුල්තැන දෙමින් පැවැත්වෙන මෙවර පොසොන් උත්සවයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු පොලිස් ස්ථාන,විදුලි බල මණ්ඩලය ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය,නගර සභාව,ප්‍රාදේශීය සභා,පුද්ගලික ආයතන,රාජ්‍ය නොවන ආයතන හා ස්වෙව්ඡා කණ්ඩායම් වල සහාය ලැබි තිබේ.

    පවතින වියලි කාලගුණය හේතුවෙන් පුජා නගරයට සහ අනුරාධපුර නගරයට පානීය ජලය ලබා ගන්නා තිසා වැව හා නුවර වැවේ දිය නැම සම්පුර්ණායෙන් ම තහනම් කොට ඇත.බැතිමතුන්ට දිය නෑම සඳහා බසවක්කුලම,බුලන් කුලම හා මහකනදරාව යන වැව් භාවිතා කළ හැකි බව ද දිස්ත්‍රික් ලේකම්වරයා කීය.

    බැතිමතුන්ට ආහාර පාන සැපයීම සඳහා දන්සන් 200 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කොට තිබේ. දන්සැල් අසල ඇතිවන මාර්ග තදබදය වැළැක්වීම සඳහා ප්‍රධාන මාර්ගයේ සිට මිටර් 50ක් පමණ ඇතුළතින් සිට එම දන්සල් පැවැත්විය යුතුය.ඒවායේ ප්‍රමිතිය හා සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් සොයා බැලිම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් නිරතුරුව සිදුකරන බව ද වන්නිනායක මහතා ප්‍රකාශ කළේය.


    තවද පොසොන් සතිය නිමිත්තෙන් ජුනි 24 වැනි දා සිට 30 දා දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු සුරාසල් හා මස් මාංශ අලෙවිසල් වසා තිබෙන අතර නිතිවිරෝධි මත්පැන් අලෙවි කරන්නන් ඇල්ලීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව හා පොලිසිය විසින් විශේෂ වැටලිම් සිදු කරනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya