ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ ව්‍යාප්ති කාර්යාලයක් ලුණුගම්වෙහෙරට

    ජූනි 27, 2018

    ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ ලුණුගම්වෙහෙර ව්‍යාප්ති කාර්යාලය ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමපසුගිය දා සිදු කෙරිණ .


    ලුණුගම්වෙහෙර ජලාශය ආශ්‍රිතව ධිවර කාර්මාන්තයේ නිරත ධිවර ජනතාවට මෙම ජලජිවි ව්‍යාප්ති කාර්යාලය මගින් විශාල සේවයක් ලබාගැනීමේ පහසුව මෙමගින් සැලසෙනු ඇත .

    දැනට ලුණුගම්වෙහෙර ජලාශය ආශ්‍රිතව ධිවර කර්මාන්තයේ නිරතව සිටින පවුල් සංඛ්‍යාව 168 ක් පමණ වේ .


    රට අභ්‍යන්තරයේ සෑම ජලාශයකම මත්ස්‍ය වගාව ව්‍යාප්ත කිරීමේ කඩිනම් වැඩපිළිවෙල දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය කටයුතු සැලසුම් කර තිබේ.


    ඒ අනුව ධිවර කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සදහා පුහුණු වැඩසටහන් , ස්වයංරැකියා ලෙස මත්ස්‍ය වගාව සහ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ නිරත වීම ඇතුළු ජලජිවි වගා ක්ෂේත්‍රයේ කටයුතු විධිමත් ලෙස පවත්වාගෙන යාමටත් , ප්‍රදේශයේ ධිවර ජනතාවට අවශ්‍ය උපදේශනය සහ පහසුකම් සැලසීම සදහාත් මෙවැනි ජලජිවි කාර්යාල පිහිටුවීම සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya