ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    කෘෂි ක්ෂේත්‍රයේ තාක්ෂණික සහයෝගීතාව උදෙසා මිචිගන් විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක්

    ජූනි 28, 2018

    කෘෂි ක්ෂේත්‍රයේ තාක්ෂණික සහයෝගීතාව උදෙසා ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත් වෙයි

    කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශයයත් අතර අවබෝධතා ගිවිසුමකට ( The MOU for the General International for technological cooperation ) අත්සන් තැබීම අද දින (28) මිචිගන් විශ්වවිද්‍යාලයේ දී සිදු කිරීමට නියමිතය.

    මෙම ජාත්‍යන්තර ගිවිසුම අත්සන් තැබීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් පෙරේදා (26) දිවයිනෙන් බැහැර විය.

    මෙම ගිවිසුම කෘෂී ක්ෂේත්‍රයේ පර්යේෂණ, ප්‍රකාශන සහ අධ්‍යයන තොරතුරු හුවමාරු කර ගැනීම, අධ්‍යයන පීඨ සහ ශිෂ්‍යත්වලාභීන් හුවමාරු කර ගැනීම ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීම සහ තාක්ෂණික සහයෝගීතාව ලබා දීම සිදු කෙරේ.

    මෙම ගිවිසුම යටතේ කොළඹ, පේරාදෙණිය, යාපනය සහ කැළණිය විශ්ව විද්‍යාලවල කෘෂිකර්ම පර්යේෂණවලට අදාළව පර්යේෂණ සඳහා පහසුකම් ලැබෙන බවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ කටයුතු කරන පැළ තවාන්කරුවන් සඳහා පැළ තවාන් කිරීමේ පර්යේෂණ විධිමත් කිරීමටත් පියවර ගත හැකි බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.

    මෙම අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකාව පාර්ශවයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාත් මිචිගන් විශ්‍ව විද්‍යාලයේ කෘෂිකර්ම හා ස්වභාවික සම්පත් අධ්‍යයන පීඨාධීපති රොනල්ඩ් එල් හෙන්ඩ්‍රික් Ronald.L. Hendrick සහ ජාත්‍යන්තර අධ්‍යයන සහ ව්‍යාපෘති අංශයේ පීඨාධීපති ස්ටීවන් ඩී හැන්සන් Steven D. Hansen මහතාත් අත්සන් කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya