ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    දුම්රිය මැදිරි ආරක්ෂාවට සිවිල් ඇදුමින් යුතු ආරක්ෂකයින් - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය

    ජූලි 02, 2018

    කෝටි ගණන් රජය විසින් වියදම් කර ජනතාවට දුම්රිය සේවා ලබාදීමට වත්මන් රජය කටයුතු කරන බවත්, එසේ රජය කටයුතු කරන විටදී මහජනතාවගේද මෙම දුම්රිය සේවාව රැකගැනීමට වගකීමක් හා යුතුකමක් තිබෙන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අවධාරණය කරයි.

    විශේෂයෙන් දුම්රිය මැදිරි ඇතුලත වන විනාශකාරී ක්‍රියාවන්වැ ළැක්වීම සඳහා අද සිට සිවිල් ඇදුමින් නියුතු දුම්රිය ආරක්ෂක නිළධාරීන් දුරගමන් සේවා සඳහා යොදාගන්නා දුම්රිය වලට යෙදවීමට කටයුතු කරන බවත් මෙහිදී යම්කිසි අයකු මෙම විනාශකාරී ක්‍රියාවන් වල යෙදී අසුවුවහොත් පොදු දේපළ විනාශ කිරීමේ පනත යටතේ සිර දඩුවම් ලබාදීමටත්, සිදුවු අලාභය අයකරගැනීමටත් කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි.

    නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම කරුණු අවධාරණය කළේ දේශීය නිශ්පාදකයින් විසින් නවීකරණය කරන ලද මැදිරි 10 කින්යු තු විශේෂ දුම්රිය අද (02) දින පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයෙන් මාතර බලා පිටත්කිරීමට සංවිධානය කර තිබු උත්සව අවස්ථාවකට සහභාගීවෙමිනි.

    වත්මන් රජයේ අයවැය යෝජනාවකට අනුව දේශීය කර්මාන්තකරුවන් දිරි ගැන්වීමේ හා නඟා සිටුවීමේ අරමුණින් පැරණි අබලන් වු දුම්රිය මැදිරි 200 ක් පූර්ණ පහසුකම් සහිතව නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් 2017 වසරේ ජනවාරි මස ආරම්භ කළ අතර මේ වන විට දුම්රිය මැදිරි 25 ක්න වීකරණය කොට ධාවනය සඳහා යොදා ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    තවදුරටත් කරුණු දැක්වු අමාත්‍යවරයා: මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේදී වෘත්තීය සමිති විසින් විශාල විරෝධතාවයක්දි යත් කරා. දුම්රිය පෞද්ගලික අංශයට විකුණන්න යන බව ඔවුන්කී වා. නමුත් අද එසේ කියපු රත්මලාන දුම්රිය වැඩපළේ සේවකයින්ඇ තුලු වෘත්තීය සමිති නායකයින් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක්ආ රම්භ කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔවුන් එක්ක දුම්රිය සේවය නඟා සිටුවීමට කටයුතු කළ හැකිද ඇමතිවරයාට හෝ රජයට පමණක් දුම්රිය සේවය නගා සිටුවන්න බැහැ. ඒකට අප සියලු දෙනාම එක්විය යුතුයි. ඒ නිසයි අපට කළ නොහැකි කාර්යයන්ස ඳහා පෞද්ගලික අංශයේ සහය ලබාගත යුතු වන්නේ. එහි එක්ප්‍ රතිපලයක් ලෙසයි අද මෙම ගුණාත්මක භාවයෙන් යුතු මැදිරි දුම්රිය සේවාවට එක්වෙලා තියෙන්නේ මෙම මැදිරි නිශ්පාදකයින් විදේශීය රටක අය නොවෙයි ඔවුන් අපේම ශ්‍රී ලාංකිකයින්. ඒ පිළිබඳව අප ආඩම්බර විය යුතුයි. එක් මැදිරියක් නවීකරණ කටයුතු සඳහා රුපියල් මිලියන 14 කට ආසන්න මුදලක් වැය කර ඇති අතර මෙවැනි මැදිරියක් ආනයනය කිරීම සඳහා රුපියල්මි ලියන 60ක් පමණ වැයවෙනවා. ඒ අනුව මිලියන 45 ක් පමණ එක් මැදිරියකින් රජයට ඉතිරි කරගැනීමට හැකිවෙනවා.

    දුම්රිය සේවාව නඟා සිටුවීම සඳහා මේ වන විට රජය විසින් නව දුම්රිය එන්ජින් 25 ක් සහ බලවේග කට්ටල 15 ක්මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා මිලදී ගැනීමට අවශ්‍ය කටුයුතු මේ වන විට අමාත්‍යාංශය විසින් සිදුකර තිබෙනවා. ඒවා ලබන වසර වන විට ශ්‍රී ලංකාවට ගෙන ඒමට අපට හැකි වෙනවා. මෙම ප්‍රධාන දුම්රිය මාර්ග මෙන්ම කැලණිවැලි ද්විත්ව දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

    ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් සහණ ණයක් ලබාදීමට එකඟ වී තිබෙනවා.ඉදිරි කාලයේදී දුම්රිය සේවාව ගුණාත්මක සේවාවක් බවට පත්වෙනවා. රජය කිසිවිටක දුම්රිය සේවාව පෞද්ගලිකරණය කිරීමට කටයුතු කරන්නෙ නැහැ. නමුත් මෙය තව දුරටත් පාඩු පිට පවත්වාගෙන යා නොහැකියි. ඒ සඳහා විකල්ප වැඩ පිළිවෙලක් රජය
    ආරම්භ කළ යුතුයි.

    ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ එම නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහත්වරුන් ඇතුලු අමාත්‍යාංශ ලේකම්, ජී. එස්. විතානගේ, දුම්රිය සාමාන්‍යාධිකාරී මහනාම අබේවික්‍රම යන මහත්වරුන් ඇතුලු නිළධාරීන් පිරිසක් මෙම දුම්රිය මැදිරියන් නිරීක්ෂනය කිරීම සඳහා කොළඹ කොටුවේ සිට මොරටුව දුම්රිය ස්ථානය දක්වා ගමන් කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya