ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    අධ්‍යාපනයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සාධාරණයක් ඉටු කළා - අධ්‍යාපන ඇමැති

    ජූලි 02, 2018

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූවන් සඳහා සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන් කටයුතු කර තිබෙන බවත් එසේ අසාධාරණයට ලක්වූවන් 12,000ක් පමණ පිරිසක් තමාට සිදු වූ අසාධාරණ පිළිබඳ ඉල්ලීම් සිදු කර තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    එම ඉල්ලීම් මත විධිමත් කමිටුවක් මඟින් සාධාරණ පරීක්ෂණ ක්‍රියාවලියක් තුළ 1018 දෙනෙකු සඳහා සහන ලබාදීමට කටයුතු කර තිබෙන බව අද (02) අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    එම සහන ලබාදීමේ කිසිදු දේශපාලන මැදිහත් වීමක් නැති බව පෙන්වා දුන් අමාත්‍යරවයා 2004 සිට 2015 දක්වා කාලය තුළ දේශපාලනික අසාධාරණයට ලක්වූවන්ට මෙම සහනය ලබාදෙන බව ද සඳහන් කළේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ නුසුදුසු අය එම පිරිස තුළ නොමැති බවයි. සේවයේ නියුතු අධ්‍යාපන පරිපාලන සේවයේ (II) 01 සහ එම සේවයේ (III)233ක්, විදුහල්පති සේවයේ (‍I)349, (II)425 සහ (III)04 ක් ඒ අතර වේ. එසේම ගුරු සේවයේ 05ක් සහ ගුරු අධ්‍යාපඥ සේවයේ 1 අයෙකුට ද මෙම සහන අවස්ථා ලැබී ඇත. තව ද විශ්‍රාමික සේවයේ 10ක් ද ඒ අතර වේ.  

    ගුරු විභාග ලකුණුවලින් ලංකාවෙන්ම පළමු හා දෙවැනි තැන ලබාගත් අයට ගුරු පත්වීම් නොදුන් කාලයක් තිබුණු බව සඳහන් කළ අමාත්‍යවරයා අධ්‍යාපනයට දේශපාලනය එකතු කර ගනිමින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට කටයුතු නොකරන ලෙස ද ඉල්ලා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya