ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ගුවන් මගීන් අපහසුතාවයට පත්වන ලෙස කටයුතු කරන්නේ නෑ- නියෝජ්‍ය පාලක ( ආගමන හා විගමන )

    ජූලි 03, 2018

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මගීන් පැමිණීමේ පර්යන්තයේ ආගමන විගමන කවුන්ටර්වල ප්‍රමාණවත් නිලධාරීන් නොසිටින බවට සමජ මාධ්‍ය මඟින් පළ කොට ඇති වාර්තා බැහැර කරන බවත් කිසිම අවස්ථාවක මඟීන් අපහසුතාවයට පත්වන අයුරින් තම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු නොකරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක චමින්ද හෙට්ටිආරච්චි මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසිය.

    මගීන් පැමිණීමේ අංශයේ කවුන්ටර්වල සේවය කරන නිලධාරීන් නොමැති බවට සමාජ මාධ්‍යවල පළ වු වාර්තවක් සම්බන්ධයෙන් රජයේ නිලපුවත් වෙබ් අඩවිය කරුණු විමසීමේ දී නියෝජ්‍ය පාලක චමින්ද හෙට්ටිආරච්චි මහතා මේ බව සඳහන් කළේ ය.

    ගුවන් යානා කීපයකින් එකවර මඟීන් පැමිණීමේ දී කිසියම් තදබදයක් ඇති වන බවත්, පවතින තත්ත්වයට සරිලන ලෙස අවශ්‍ය නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බවත් චමින්ද හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya