ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    වර්ජනය අසාර්ථක වීම අධ්‍යාපන වෘත්තීය ප්‍රජාව වර්ජනයට එක් නොවීමෙන් පෙනෙනවා

    ජූලි 04, 2018

    දීප ව්‍යාප්තව ලෙඩ නිවාඩු දමා ක්‍රියාත්මක කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගයට අධ්‍යාපන වෘත්තීය ප්‍රජාව එක් නොවන බව අද දින ක්‍රියාත්මක් වර්ජනය අසාර්ථක වීම තුළ පෙනී යන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති  රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට සඳහන් කළේ ය.

    දේශපාලන පලිගැනීම්වලට ලක් වූ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින්  වෘත්තීය සමිති කීපයක් අද ක්‍රියාත්මක කර තිබෙන ලෙස නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන්
    අඳහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    රාජ්‍ය අමාත්‍යවරයා අද (04) උදැසන කළුතර දිස්ත්‍රික්කයේ පාසල් කීපයක් නිරීක්ෂණය කිරීමට එක්ව සිටියේ ය. එම නිරීක්ෂණයෙන් අනතුරුව තවදුරටත් අඳහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසී ය.


    බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයේ සම්පූර්ණ ගුරුවරුන්ගේ සංඛ්‍යාව 119යි.අද ගුරුවරුන්ගේ පැමිණීම 110යි.  ළමයි සාමාන්‍ය ආකාරයටම පැමිණ තිබෙනවා. පන්තිවලට ළමයි පැමිණීම සියයට 95%ක්.

    දේශපාලන පලිගැනීම්වලට ලක් වූ විශාල පිරිසක් සිටියා.එම පළිගැනීම්වලට ලක් වූ පිරිසට සහන ලබාදීමට  කටයුතු කර තිබෙනවා. රජයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් මුලින් ම පරික්ෂා කරලා,අමාත්‍ය  මණ්ඩලය අනුමත කරලා,රාජ්‍ය සේවා කොමිෂමත් අනුමත කරලා තිබෙනවා. බඳවාගන්නේ සුදුසුකම් සහිත අයයි. දේශපාලන වශයෙන් පලිගත් නිසයි සහන ලබාදී තිබෙන්නේ.කාලයක් ගත කර සිදුකළ සාධාරණ ක්‍රියාවලියක්.
    අධ්‍යාපන වෘත්තීය ප්‍රජාව මෙම විරෝධතාවයට එක්වන්නේ නෑ කියන එක පැහැදිළියි, මේ වර්ජනය අසාර්ථක වී තිබෙන නිසා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya