ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    කාන්තා සුබසිද්ධිය පිළිබඳ සමීක්ෂණයක්

    ජූලි 04, 2018
    කාන්තා සුබ සිද්ධිය පිළිබඳ ජාතික මට්ටමේ සමීක්ෂණයක් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.
     
    ශ්‍රී ලාංකික ශ්‍රම වෙළඳපොළ තුළ කාන්තා ශ්‍රම සහභාගීත්වය අඩු ප්‍රතිශතයක් ගැනීම, කාන්තා හිංසනය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ආදී කරුණු සම්බන්ධයෙන් යථා ස්වරූපය පිළිබඳ අවබෝධ කරගැනීම සඳහා විධිමත් නිල සංඛ්‍යාලේඛනවල අවශ්‍යතාවය මතුව ඇති හෙයින් මෙම සමීක්ෂණය පැවැත්විය යුතු බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ.
     
    ඒ අනුව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් පිරිනැමීමට නියමිත රුපියල් මිලියන 26.9ක ප්‍රදාන මුදල යොදාගනිමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ලවා මෙම සමීක්ෂණය පැවැත්වීම සඳහා ඇමැති මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya