ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    පොලිස් කොමිෂන් සභාව පිහිටුවීම නිසා දේශපාලන මැදිහත්වීම අවම කර ගත හැකි වුනා

    ජූලි 07, 2018

    19 වැනි සංශෝධනය යටතේ පොලිස් කොමිෂන් සභාව පිහිටුවීම නිසා එතෙක් දේශපාලනික වශයෙන් පොලිසිය මෙහෙයවීම නතර කර ගැනීමට හැකි වූ බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමජික මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා පවසයි.

    ඒ අනුව මේ වන විට පොලිස් දෙපාර්තමෛන්තුව තුළ දේශපාලනික මෙහෙයවීම අවම වී විෂය පිළිබද මනා දැනුමක් ඇති විශේෂඥයන්ගේ සේවය යටතේ යහපත් සේවයක් ලබා දීමට හැකියාව ලැබී ඇති බවද මහාචාර්යවරයා පෙන්වා දෙන ලදී. මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා මෙම අදහස් පළ කළේ, ඊයේ(6) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති පොලිස් සේවාව වැඩි දියුණූ කිරීම සදහා විද්වත් අදහස් හා යෝජනා ලබා ගැනීම සදහා පැවති විශේෂ වැඩසටහනකට එක් වෙමිනි.

    පොලිස් කොමිෂන් සභාව පිහිටුවීමෙන් අනතුරුව පොලිස් දෙපාර්තමේන්තුව තුළ වෙනස්කම් රැසක් සිදු වෙමින් පවතින බව පෙන්වා දුන් මහාචාර්යවරයා ඉදිරියේදී තව තවත් සාධනීය කටයුතු ඉටු කිරීමට සැලසුම් සකස් වෙමින් පවතින බවද පෙන්වා දෙන ලදී. ලංකාව පුරා දිස්ත්‍රික් මට්ටමින් විද්වත් අදහස් සහ මහජන අදහස් ලබා ගැනීම එහි එක් පියවරක් බවද පෙන්වා දෙන ලදී.

    18 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා පොලිස් කොමිෂමේ බලතල අඩු වී අකර්මන්‍ය කර තිබූ බව පෙන්වා දුන් මහාචාර්යවරයා පැමිණිළි විභාග කිරීම හැර වෙනත් කටයුත්තක් කිරීමට එහිදී හැකියාව නොතිබූ බව පෙන්වා දෙන ලදී.19 වැන් ව්‍යවස්ථා සංශෝධනයෙන් එම තත්වය මගහැර ගැනීමට හැකි වූ බවද පෙන්වා දෙන ලදී.

    සමස්ත පොලිස් සේවාව තුළ 84000 කට අධික පිරිසක් සේවය කරන බව පෙන්වා දුන් මහාචාර්යවරයා වසර සියයකට වැඩි කාලයක් පැරණි පොලිස් දෙපාර්තමේන්තුව ඉතාම කෙටි කාල සීමාවක් තුළ සම්පූර්ණයෙන් වෙනස් කිරීම අභියෝගයක් බවද පෙන්වා දෙන ලදී. එසේ වුවත් පොලිස් සේවා කොමිෂන් සභාවඑම අභියෝගය ජය ගැනීම කරා පියවරෙන් පියවර කටයුතු කරමින් සිටින බවද පෙන්වා දෙන ලදී.

    මෙම අවස්ථාව සදහා මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර, ජාතික පොලිස් සේවා කොමිෂන් සභාවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ නීතීඥ කේ. කැකුලන්දර යන මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya