ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය කරමින් සියයකට වඩා වැඩි දැඩි සත්කාර ඒකක සංඛ්‍යාවක් -සුව ඇමැති

    ජූලි 07, 2018
    නිර්වින්දන හා දැඩි සත්කාර විශේෂඥ වෛද්‍ය සේවාවේ 50 වසරක සේවය ඇගයීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී පසුගියදා පැවැත්විනි.
    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - ශ්‍රී ලංකාවේ දැඩ් සත්කාර සේවාවේ 50 වැනි සංවත්සර උත්සවය ඇමතීමට ලැබීම ගැන මම ඉතා සතුටට පත් වෙමි. පසුගිය දශක 07 ක් පුරා පිරිවැය-ඵලදායිතාවයෙන් යුත් සෞඛ්‍ය සත්කාර සේවාවක් ලබාදීම සම්බන්ධයෙන් අප රට විශාල ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා. එමෙන්ම සංවර්ධිත රටවල් හා සමානව සෞඛ්‍ය සත්කාර සේවාවන් වල ප්‍රමිති තත්ත්ව කරා ලගාවෙමින් පවතිනවා. තම රාජකාරි වේලාවෙන් පසුව ද බැදීමකින් හා කැපවීමකින් සේවය කරමින් පිරිවැය-ඵලදායිතාවයෙන් යුක්ත දැඩ්සත්කාර සේවා අනුව්‍යුහයක් ජනතාවට පිරිනැමීමට අපගේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය නිලධාරින් ඉතා වැදගත් කාර්යභාරයක් මෙම ක්‍රියාවලියේ දී ඉටු කර තිබෙනවා.
     
    රටේ පළමු වරට දැඩ්සත්කාර ඒකකයක් පිහිටුවීම සදහා වෙහෙස නොබලා කටයුතු කළ මහ රෝහලේ හිටපු නිර්වින්දන විශේෂඥ වෛද්‍ය තිස්ටිල් ජයවර්ධන මහතාගේ කාර්යශුර පුරෝගාත්මිය අපට අමතක කළ නොහැකියි. බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන්ට අවශ්‍ය කරන අවයව බද්ධ කිරිම හෝ දිගු ශල්‍ය කර්ම වල දී ඔවුන්ට රැකවරණය සැළසීම සදහා අවශ්‍ය වන දැඩිසත්කාර සේවාවන් ලබාදීම වැනි රටේ පැනනගින බරපතල අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් ඒ මහතාට දුරදක්නා දැක්මක් තිබුනා. දැඩ්සත්කාර සේවාව සම්බන්ධයෙන් අප සංවර්ධිත රටවල් හමුවේ පසුබට නොවීම හා ඔවුන් සමග උරෙනුර ගැටී ඒවා කළමණාකරණය කර ගැනීමට හැකිවිම පිළිබදව දැනගැනීම සිත්ගන්නා සුළුවන අතර, මේ ක්ෂේත්‍ර යේ ලබාගෙන ඇති ජයග්‍රහණ පිළිබදව අද දවසේ දී අප සියල්ලන්ටම ආඩම්බර විය හැකියි.
     
    ශ්‍රී ලංකාවේ දැඩ් සත්කාර සේවාවන් සැපයීමේ ආරම්භයේ සිට මේ දක්වා දිගු ගමනක් පැමිණ තිබෙනවා. අද වන විට රටේ සියලුම ප්‍රදේශ ආවරණය කරමින් උපකරණ සහ කාර්ය මණ්ඩලය සමග සියයකට වඩා වැඩි දැඩි සත්කාර ඒකක සංඛ්‍යාවක් අප සතුව තිබෙනවා. නිර්වින්දන විශේෂඥ වෛද්‍ය නිලධාරින් මේවා පිහිටුවීමේ දී අනගි මෙහෙයක් ඉටු කළා. ශ්‍රී ලංකාවේ දැඩි සත්කාර ඒකක ඉදිරියේ දී පුළුල් කිරිම සම්බන්ධයෙන් ද ඔවුන් කටයුතු කර ඇති අතර, ඒවායින් සියයට 90 වඩා ප්‍රතිශතයක් එම විශේෂඥ වෛද්‍යවරුන්ගේ මගපෙන්විම යටතේ සිදු කර ඇත.
     
    2012 වර්ෂයේ සිට එවකට සිටි අමාත්‍ය වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ අනුග්‍රහය ඇතිව මෙම විද්‍යායතනයේ මාර්ගෝපදේශණය යටතේ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය විසින් නව උප විශේෂ ඒකකයක් ලෙස දැඩි සත්කාර සේවා හදුන්වා දී ඇත. බ්‍රිතාන්‍ය වැඩසටහනට සමාන්තරව ඒ හා සසැදිය හැකි වැඩසටහනක් මෙම පශ්චාත් වෛද්‍ය උපාධි අභ්‍යසලාභීන් නිරත වී සිටීම හා රෝගීන් කළමණාකරණය සම්බන්ධයෙන් ලබා ඇති විශිෂ්ටතාවය දැනගන්නට ලැබීම සතුටට කරුණක්. කිහිපදෙනෙක් ඉතා ඉක්මණින්ම දැඩිසත්කාර සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් ලෙස අදාල මණ්ඩලයේ සහතිකය ලබාගැනීමේ කාර්යයේ නිරතව සිටින බවත්, ඒ අතර තවත් ඡ්‍යෙෂ්ඨ අභ්‍යාසලාභීන් 30 දෙනෙකු එම සහතිකය ලබාගෙන පිටවීමට ආසන්න බවත් දැනගන්නට ලැබුනා. රට තුල දැඩිසත්කාර පිළිබද පුහුණු වෛද්‍යවරුන් බිහි කිරීමේ අප්‍රතිහත උත්සාහයක නිරත වන මෙම විද්‍යායතනයට මම සුභාෂිංසන එක් කරනවා.
     
    තෘතීය සත්කාර සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සදහා දිවයින පුරා රෝහල්වල ශල්‍යාගාර පුළුල් කිරීමේ කාර්යයේ අප නිරතව සිටින බැවින් මෙම උත්සාහයන් තවදුරටත් ශක්තිමත් කළ යුතුයි. දැඩිසත්කාර සේවා කළමණාකරණය සාමූහික ක්‍රියාවලියක්. මේ සදහා හෙද, භෞතචිකිත්සක, අතුරු වෛද්‍ය සේවා, ඖෂධවේදී නිලධාරින් සහ සුළු සේවා කාර්ය මණ්ඩලයේ ක්‍රියාකාරි මැදිහත්වීම අවශ්‍ය වෙනවා. මෙම නිලධාරින් සදහා පුහුණු වැඩමුළු පැවැත්වීම ඉතා වැදගත්. සර්ව සෞඛ්‍ය ආරක්ෂණයේ දී සෞඛ්‍ය සත්කාර අංශයෙන් විශිෂ්ට සහ පිරිවැය ඵලදායි  ජයග්‍රහණ අත්පත් කර ගැනීමට හැකි වූයේ සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමුහික ප්‍රයත්නය හා කණ්ඩායම් හැගීම නිසයි. ලෝක සෞඛ්‍ය සමුළුවේ දී ද ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රය අත්පත් කර ගෙන ඇති ජයග්‍රහණ අගය කෙරුනා. එමෙන්ම එහිදී ශ්‍රී ලංකාව මාතෘ හා ළමා මරණ අනුපාතිය ඇමරිකා එක්සත් ජනපදයට සම තත්ත්වයකට ද ඇතැම් සංවර්ධිත රටවලට වඩා යහපත් මට්ටමක් දක්වා ද අඩු කර ගැනීමෙන් ලබා ඇති ජයග්‍රහණය මහත් සේ ප්‍රසංසාවට ලක් කෙරුනි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔහුගේ ප්‍රකාශය ආරම්භයේ දී සාර්ව සෞඛ්‍ය ආරක්ෂණය හිතලුවක් නොවන බවට ශ්‍රී ලංකාව සජීවී සාක්ෂියකි. එය ලොව පුරා සියලු ආර්ථික මට්ටමේ රටවල් සදහා යථාර්ථයකි. එය ලොව පුරා සියලු ආර්ථික මට්ටමේ රටවල් සදහා යතාර්ථයකි. යනුවෙන් සදහන් කරයි.
    මෙම ජයග්‍රහණ ලබාගැනීමට හැකි වූයේ ඔබගේ සාමාජිකත්වය විසින් ඉතා වැදගත් සහ මුලික කාර්යභාරයක් සිදු කරනු ලැබූ බැවිනි. වර්ෂ 50 කට පෙර  එනම් ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව දැඩි සත්කාර සේවාව තල දිර්ඝ ගමනක් පැමිණ තිබෙනවා.
     
    මෙම අවස්ථාවට නිර්වින්දන විශේෂඥ වෛද්‍ය නිලධාරින්ගේ සහ අධිසත්කාර සේවා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රම්‍යා අමරසේන, දැඩිසත්කාර වෛද්‍ය පීඨයේ මහාචාර්ය වසන්ති ජින්ටෝ, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය තිස්ටිල් ජයවර්ධන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රෂියා, විද්‍යාලීය සාමජික සාමාජිකාවන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.   

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya