ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    දරුවන් 105 දෙනෙකු වෙත ‘‘අපේ දරුවෝ‘‘ අධ්‍යාපන ශිෂ්‍යත්ව

    ජූලි 09, 2018

    අධ්‍යාපනය තුලින් ගමේ, නගරේ දුප්පත් දූ දරුවන්ට ආලෝකය ලබා දීමට අවශ්‍ය ශක්තියක් වීමට තමන් දේශපාලනයට එකතු වූ එක් ප්‍රධානම හේතුවක් බව පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය.

    අමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍යවරයාගේ 49 වන ජන්ම දිනය නිමිත්තෙන් පසුගිය දා ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති අඩු ආදායම්ලාභී පවුල්වල දු දරුවන් සදහා‘‘අපේ දරුවෝ“ අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදීය.

    ගරු අමාත්‍යතුමාගේ සමාජ සත්කාර වැඩසටහන් සදහා පිහිටවූ ‘‘ෆයිස්ර් මුස්තාෆා‘‘ සමාජ සුභසාධක වැසටහන යටතේ මෙවර අ.පො.ස(සා/පෙළ) දරුවන් 105 දෙනෙකු වෙත ‘‘අපේ දරුවෝ‘‘ අධ්‍යාපන ශිෂ්‍යත්ව හිමිවිය. එහිදී ශිෂ්‍යත්වලාභී දරුවන් හා දෙමාපියන් වෙත අදහස් දක්වමින්  අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, මාගේ තාත්තාට මා හට හොද අධ්‍යාපනයක් ලබා දීමට සම්පත් තිබුණා. නමුත් මගේ සීයා මඩවල දුප්පත් ගමක දුප්පත් කොල්ලෙක්. මගේ සීයා මට කිවුවා මතකයි ‘‘මම පාසල් යන්න හැතැප්ම 7 ක් ඇවිද්දා“ කියලා. බොහොම අමාරුවෙන් ඉගෙන ගත්තා.ඒ යුගයේ ගමේ කොල්ලෙකුට මහනුවර උසාවියේ නීතිඥ වරයෙක් හැටියට කටයුතු කරන්න විශාල අභියෝග තිබුණා. මහනුවර දිස්ත්‍රික්කයේ විශිෂ්ඨතම නීතිඥයෙක් බවට පත්වීමට මගෙ සීයාට හැකිවුනා.

    මගේ සීයා ගත්තු තීරණ නිසා අද පරම්පරා දෙකක් අධ්‍යාපනය තුලින් ආලෝකය දැකලා තිබෙනවා. ඒ නිසා මේ දරුවන්ට මම දෙයක් කියන්න කැමති ‘‘ආදරණීය දරුවනි, ඉගෙනීම තමයි දුප්පත්කමින් ඈත්වීමේ එකම ආයුධය‘‘ අවාසනාවට වගේ අපේ දෙමාව්පියෝ හිතනවා අපි දුප්පත්, අපිට ඊලග අදියරට යන්න බෑ කියලා. අධ්‍යාපනය තුලින් ලෝකේ ජයගන්න පුලුවන්. ඒ ජයගන්න අපි අත දෙන්න ලෑස්තියි. මම දේශපාලනය කරනකොට විශාල බලාපොරොත්තු තිබුනා මේ වෙනස ඇති කරන්න.

    ‘‘අපේ දරුවෝ‘‘ වැඩසටහන යටතේ දරුවන් 55 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දුන්නා. එම දරුවන්ගෙන් 45 දෙනෙකු විශ්ව විද්‍යාල වරම් ලැබුණා. අපි අපේ දරුවන්ට අවස්ථාව දෙන්න ඕනේ. අපේ දරුවන් දක්ෂයි. මම විශ්වාස කරනවා මේ දරුවන් අතුරින් වෛදවරුන්,ඉංජිනේරුවරුන් බිහි කරන්න පුළුවන් වෙයි කියලා.  මම මේ දරුවන්ගෙන් එක ඉල්ලීමයි කරන්නේ, ඔබ සියළු දෙනාට ලොව ජය ගන්න පුළුවන්. ඒ ලොව ජය ගන්න ආත්මශක්තිය තියෙන්න ඕනේ. උනන්දු වෙන්න ඕනේ. කැපවීමක් කළ යුතුයි. අපේ ජීවිතේ ඕනෑම දෙයක් ලබා ගන්න කැපවීමක් කරන්න අවශ්‍යයි. විනෝද වෙලා,යාළුවෝ එක්ක ගිහිල්ලා අධ්‍යාපනය ජය ගන්න අමාරුයි. හේතුව විශ්ව විද්‍යාලයට යන්න තරඟයක් තියෙන්නේ. අනෙක් දරුවොත් විශාල උත්සායක් ගන්නවා. ඒ තරගෙන් ජය ගන්න අනෙකුත් දරුවන්ට වඩා කැපවීමක් කළ යුතුයි.

    ආදරණීය අම්මේ තාත්තේ, ඔබලාගේ දරුවන්ටත් ලෝකය ජය ගන්න පුළුවන්. ඒ ලෝකය ජය ගන්න දෙමාපියෝ විදියට ඔබලාට ආත්ම ශක්තිය තියෙන්න ඕනේ. කොච්චර කටුක වුනත් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න. දැනුම කියන දේ කාටවත් අයින් කරන්න බැහැ. අපි දේශපාලන වෘත්තියේ ඉන්නකොටත් මේ දේශපාලනය නැතිවුනත් අපිට වෘත්තියක් තියෙනවා. අධ්‍යාපනයක් තියෙනවානම් කාටවත් යටත් වෙන්න අවශ්‍ය නැහැ.

    අධ්‍යාපනය කරන ගමන් අපි දහමට,ආගමට නැඹුරු වෙන්න ඕනේ. සමහර දෙමව්පියන් අධ්‍යාපනයට මුල්තැන දෙනවා ඒ දරුවන්ව දහමෙන්, ආගමෙන් ඈත් කරනවා. ඉගෙන ගන්නා අතර ළමයෙක්ගේ චරිතය හදන්නේ දහමෙන්, ආගමෙන්. මිනිසා සහ තිරිසනා අතර තිබෙන එකම වෙනස ආගම හා ධර්මයයි යැයි ද අමාත්‍යවරය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya