ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ ඉදි කළ ලංකාවේ දිගම පාලම මහජන අයිතියට පත්කෙරේ

    ජූලි 09, 2018

    පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ ග්‍රාමීය පාලම් තැනීමේ ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද මීටර් 110ක් දිග ලංකාවේ දිගම ග්‍රාමීය පාලම වන තංගල්ල, මැඩිල්ල, කපුහේන්වල පාලම ඊයේ (08) ජනතා අයිතියට පත් කෙරිණි.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් මෙම පාලම විවෘත වූ අතර එම අවස්ථාවට විශාල පිරිසක් සහභාගී වූහ. 2017 වසරේ බලපෑ දරුණු ගංවතුර හේතුවෙන් එතෙක් තිබූ මැඩිල්ල කපුහේන්වල පාලම විනාශ වී ගියේ ය. නමුත් වත්මන් රජය විසින් ගං වතුර තත්ත්වය නිසා විනාශයට පත් වූ පාලම් සහ බොක්කු, ඇලවේලී ප්‍රතිසංවර්ධනය කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කළේ ය.

    එහි ප්‍රතිඵලයක් වශයෙන් රු.මි.120ක වියදමින් මැඩිල්ල කපුහේන්වල පාලම වසරක් ගත වීමට ප්‍රථම සකස් කර ජනතා අයිතියට පත් කිරීමට හැකි වීම වත්මන් යහපාලන රජය ජනතාවට කාර්යක්ෂම බව සනාථ කරවන්නක් යැයි මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසී ය.

    මෙහිදී පැවැති උත්සවයේ දී වැඩිදුරටත් අදහස් පල කළ අමාත්‍යවරයා “සමහරු අහනවා මේ ආණ්ඩුව මොනවද කළේ කියලා.පසුගිය වසර 03 තුළ අපේ රජය විශාල වැඩකොටසක් කර තිබෙනවා. ඒවායේ ප්‍රතිඵල තමයි මේ දක්නට ලැබෙන්නේ. නමුත් අපේ රජය කරන බොහෝ කටයුතුවලට ජනමාධ්‍ය ප්‍රචාරය ලබා දෙන්නේ නෑ.”

    “වර්තමානයේ ජනමාධ්‍ය තුළ පල වන ප්‍රවෘත්ති දෙස බැලු විට විකාශය කෙරෙන්නේ දේශපාලකයින්ගේ කටකැඩිච්ච කතා විතරයි. ඒවායින් රටට වැඩක් තියනවාද? ඇත්තටම ඒවායින් රටටත් ජනතාවටත් වැඩක් නෑ.”

    “නමුත් අපි රජය විදියට ජනතාවට අවශ්‍ය දේවල් ලබා දෙනවා. අපේ රජය තරම් මහජනතාවගේ ගැටළු පිළිබඳව සංවේදී වූ තවත් ආණ්ඩුවක් නෑ. ජනතාවට සහන සලස්වන්න ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම අපි ගන්නවා” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීහ.

    මෙම අවස්ථාවට දකුණු පළාත් ධීවර අමාත්‍ය එච්.ඩබ්.ගුණසේන මහතා ඇතුළු පිරිසක් සහභෘගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya