ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    වැවිලි ප්‍රජාව වෙනුවෙන් ඉදිකෙරුණු තවත් නිවාස 95 ජනතා අයිතියට

    ජූලි 10, 2018

    කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මඟින් ඉදිකරන ලද නිවාස 95 ක් අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ප්‍රධානත්ව‍යෙන් පසුගිය දා දිනයේදී ජනතා අයිතියට පත් කරන ලදි.

    ඒ අනුව නුවර එළිය දිස්ත්‍රික්කයේ මස්කෙලිය මානෙලි වතුයායේ නිවසා 25 ක්, මස්කෙලිය එමිල්ඩල් වතුයායේ නිවාස 20 ක්, බ්‍රවන්ලෝ වතුයායේ නිවාස 20 ක් සහ මවුසාකැලේ වතුයායෙ ඉදි කෙරුණු නිවාස 20 ඇතුළු නිවාස 95ක් ජනතා අයිතියට පත් කෙරුණි.

    තවද මෙම සියළු නිවාස ව්‍යාපෘතීන් සඳහා විදුලිය, ජලය ඇතුළු සියලුම යටිතල පහසුකම් අමාත්‍යාංශ ප්‍රතිපාදන යොදාගනිමින් සපයා දෙනු ලැබේ. මෙම සෑම නිවසක්ම පර්චස් 07 ක ඉදිකර ඇති අතර එම නිවාස සඳහා නිරවුල් ඔප්පුද ලබා දීමට නියමිතය.

    මෙම උත්සව අවස්ථාවන්ට එක්වූ අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා කියා සිටියේ, වත්මන් රජය මඟින්වැ විලි ප්‍රජාව උදෙසා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ආශිර්වාදය ඇති බවයි.


    “වතුකම් කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සදහා හාම් වතු හාම් පුතුන් සමඟ ලබන ඔක්තෝබර් මාසයේ එකඟතා ගිවිසුමට අත්සන් කිරීමට නියමිතයි. මේ වන විට කඳුකරයේ සිටින නායකයින් කම්කරු වැටුප වැඩි කිරීමට නිසි පියවරක් ගෙන නෑ. පසුගිය දා වැටුප් එකගතා ගිවිසුම අත්සන් කරන වෘත්තිය සමිති සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. නමුත් අවුරුදු 50 ක් වැඩි කාලයක් ඇමතිධුරය සිටිය අය තමා වැටුප් වැඩි කිරීමේ ගිවිසුමට අත්සන් කළේ. එම කාලය පුරා කම්කරුවන් ගේ වටුප් වැඩි කිරීමෙ දී කම්කරුවන් රවටා තිබෙනවා. ඒ අයට සාධාරණ වැටුපක් ලබා දී නෑ. එවන් තත්වයක් තුළ දැන් ඒ අය පවසනවා, වැටුප් වැඩි කිරීමට මා ඇමතිධුරයෙන් අයින් වියයුතු බව. කම්කරුවන්ට 1000 ක මූලික වැටුපක් ලබා දිමට මාගේ ඇමතිකම බාධාවක්නම් මා ඉල්ලා අස්වීමටත් සූදානම්. පරම්පරා ගණනාවක් වතුකරයේ නායකයින් යැයි කියාගන්නා පිරිස් අමාත්‍යධුර දැරුවද එක බිම් අඟලක්වැ විලි ප්‍රජාව උදෙසා ලබා දීමට කටයුතු කර නොමැති තත්වයක් තුළ මා පැමිණීමෙන් පසු වතු කම්කරුවන්ට පර්චස් හතක තනි නිවාස ඉදිකර නිරවුල් ඔප්පුවක් ද ලබා දීමට කටයුතු කළා. ඔවුන්ගේ කාලයේ තනි ගෙවල් වෙනුවට තට්ටු පේලි නිවාස ලබාදුන්නා. ඒවා ලැයිම් කාමරවලටම සමානයි. මේ පිරිස් ජන්දේ කාලේට ජනතාවට නොයෙකුත් බොරු කියමින් ජන්දය ලබගෙන ජනතාවට කළ දෙයක් නෑ. පසුගිය පළාත් පාලන ආයතන ඡන්දයේදී ඔවුන් පැවසුවේ අලියා කම්කරුවන්ගේ ඊපීඑෆ් එක කෑවා කියාය. මේ විදියට ජනතාව රවටා ඇති බවට ජනතාව ඉදිරි මැතිවරණවලදී තේරුම් නොගතහොත් සිදුවන්නේ තනි ගෙවල් වෙනුවට නැවතන් ලැයිම් කාමරවලට සමාන පේලි තට්ටු නිවාස ඔවුන්ට හිමි වීමයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya