ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    දිවයිනේ සියලු ධිවර ගම්මාන සංවර්ධනය සදහා “ වැවක් ගමක් සමග දියවර අරුණ''ක්‍රියාත්මකයි

    ජූලි 10, 2018

    ''වැවක් සමඟ ගමක්'' ධිවර ගම්මාන සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ධිවර ප්‍රජාවට සංවර්ධනයේ සැබෑ ප්‍රතිලාභ උදාකරදීම සදහා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන “දියවර  අරුණ ” වැඩසටහන හා බද්ධ කරමින් “ වැවක් ගමක් සමග දියවර අරුණ ” වැඩසටහන යටතේ සංවර්ධන ව්‍යාපෘති ඇරඹේ.

    මෙම වැඩසටහන යටතේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විජය කටුපොත - ඉහළ අත්තන්ගනය යා කෙරෙන නව සපත්තු පාලම ඉදිකිරීමේ කටයුතු ධිවර හා ජලජ සම්පත්සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද
    රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි.

    මෙම ජාතික වැඩසටහන සදහා ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය මගින්මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙයි.

    රට අභ්‍යන්තරයේ පවතින වැවී ආශ්‍රිතව ධිවර කර්මාන්තය නගාසිටුවීම සහ ධිවර කර්මාන්තයේ නිරත ධිවර ජනතාව පදිංචි ගම්සං වර්ධනය වෙනුවෙන් “ වැවක් ගමක් සමඟ දියවර අරුණ ” වැඩසටහන හඳුන්වා දී තිබේ.
    මේ යටතේ එම ගම්මාන වල පවතින පොදු පහසුකම් සංවර්ධනය මෙන්ම ධිවරකාර්මාන්තයේ නිරතවීම සදහා අවශ්‍ය පහසුකම් සැලසීම අධ්‍යාපන , සෞඛ්‍ය මෙන්මසනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් භෞතික සහ මානව සම්පත් ලබාදීම ද සිදු කෙරේ .

    විජය කටුපොත - ඉහළ අත්තන්ගනය යා කෙරෙන නව සපත්තු පාලම ඉදිකිරීමේකටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චිමහතා මෙසේ පැවසිය පැවසිය .

    “ ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන “ වැවක් ගමක් සමඟ දියවර අරුණ ” වැඩසටහන අපි ආරම්භ කළා . ලංකාවේ ධිවර කර්මාන්තය සදහා යොදාගන්නා වැව් ප්‍රතිසංස්කරණය කරන්නත් ,  එලෙස ධිවර කර්මාන්තයේ නිරතව සිටින ධිවර ජනතාවගේ අවශ්‍යතා ඉටුකර දීමත් මේ වැඩසටහනේ අරමුණයි.

    මේ යටතේ වැවත් සමග බද්ධ වී තිබෙන ගමේ පාර, පාලම්, වැනි පොදු පහසුකම් සංවර්ධනය වෙනුවෙන් එක්  ගමකට රුපියල් ලක්‍ෂ 50 ක මුදලක් වෙන් කරනවා.  “ වැවක් ගමක් සමඟ දියවර අරුණ ” වැඩසටහන කරදිය , මිරිදිය මෙන්ම කිවුල් දිය ධිවර කර්මාන්තය පවතින ලංකාවේ සියලු ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ඒ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ක්‍රියාත්මක කරනවා . ”

    “ මේ පාලම තව මාස තුනකින් ඉදිකර අවසන් කරන්න කටයුතු කරනවා . “ අපි ගම සංවර්ධනය කිරීමේ කඩිනම් සංවර්ධන වැඩපිළිවෙල ආරම්භ කළා . ඒ සංවර්ධන වැඩපිළිවෙල යටතේ ගමේ පාරවල් බෝක්කු , ගොඩනැගිලි පමණක් නෙමෙයි ඔබලාගේ අතමිට සරු කරන්නත් අපි වැඩකටයුතු කරනවා . මේ සදහා රජයේ ආර්ථික සංවර්ධන වැඩසටහන යටතේ නව රැකියා වගේම අළුත් ආදායම් උපයන ව්‍යාපෘති අපි ගමට ගේනවා . ඒ නව ව්‍යවසායකයින් ගමට හදුන්වා දීමේ වැඩපිළිවෙල යටතේයි . මේ වැඩපිළිවෙල තුලින් ගමේ සම්පත් තුලින් ගමතුලම නව රැකියා බිහිකර ගමේ සියළු දෙනාට වැඩි මුදලක් සොයාගැනීමේ අවස්ථාව ලැබෙනවා . ”

    “ ඔබගේ හැකියාව , දැනුම පළපුරුද්ද අනුව වැඩි මුදලක් උපයාගැනීමට අවස්ථාව සැලසීම මේ වැඩපිළිවෙලේ අරමුණයි . මේ යටතේ ණය පහසුකම් , ආධාර , වෙළදපළ සොයාදීම,උපදේශනය, පුහුණුව ඇතුළු සියළු පහසුකම් රජයෙන් ලබාදීමට කටයුතු කරනවා . එතකොට රජයේ සහනාධාර ලැබෙන කල් ඇගිලි ගනිමින් සිටි යුගයට නැවතීමේ තිත තැබීමට හැකි වේවි. එදාට ගමේ මිනිහට ආර්ථික නිදහස ලැබෙනවා . හැබැයි මේ රට පාලනය කළ බොහෝ නායකයින් කැමති වුනේ නැහැ ගමට ආර්ථික නිදහස ලබාදෙන්න . නමුත් යහපාලනය වගේම ජනතාව ගැන හිතන රජයක් විදිහට ඒ ආර්ථික සමෘද්ධිය ගමට ලබාදෙන්න රජයක් ලෙස අපි කැපවෙනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya