ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රගාමී තොරතුරු ප්‍රකාශයට පත් කිරීමේ සංස්කෘතිය හඳුන්වා දෙයි

    ජූලි 10, 2018

    තොරතුරු පනත යටතේ ප්‍රගාමී තොරතුරු ප්‍රකාශයට පත් කිරීමේ සංස්කෘතිය රාජ්‍ය ආයතනයන් වෙත හඳුන්වාදීමේ අරමුණින් ආරම්භ කරන ලද නියමු ව්‍යාපෘතියේ පළමු වැඩමුළුව පසුගියදා කොළඹදී පැවැත්විණි.

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා ඒකාබද්ධව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය මගින් පොදු අධිකාරීන්ගේ වෙබ් අඩවි යාවත්කාලීන කර තොරතුරු පනතේ උපදෙස් ප්‍රකාරව ප්‍රගාමී තොරතුරු වෙබ් අඩවිය හරහා ප්‍රදර්ශනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍යම ආධාර ආයතන වෙත සපයනු ලැබේ.

    ජනතාවට අවශ්‍ය වන තොරතුරු ඉල්ලීමකට පෙර ප්‍රදර්ශනය කිරීම මෙහිදී සිදු වේ.

    මෙම පළමු ව්‍යාපෘතිය සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, විද්‍යා තාක්ෂණ පර්යේෂණ කුසලතා සංවර්ධන වෘත්තීය පුහුණු හා කදුරට උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය , කෝට්ටේ මහ නගර සභාව තෝරා ගෙන තිබේ.

    මෙහිදී පළමුව මෙම ආයතනයන්හී ප්‍රගාමී ලෙස ප්‍රදර්ශනය කළ හැකි තොරතුරු හඳුනා ගැනීම සහ දත්ත පද්ධතිය සකස් කීරීම සඳහා කණ්ඩායම් පත්කරන ලද අතර ඔවුන් පුහුණු කීරීම මෙම වැඩමුළුවේ අරමුණ විය.

    මේ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා , තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා, ජාතික මාධය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජගත් ලියනආරච්චි මහතා සහ ශ්‍රි ලංකා ජනමාධ්‍ය පාසලේ අධ්‍යක්ෂ ශාන් විජේතුංග මහතා ප්‍රධාන සම්පත් දායකත්වය ලබාදුන්නහ.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් එහි සහකාර ලේකම් සුධර්මා කරුණාරත්න මෙනවියත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නියෝජනය කරමින් එහි තොරතුරු අයිතිය පිළිබඳ තාක්ෂණික උපදේශක චමින්ද්‍රී සපරමාදු මහත්මියත් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya