ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    පොදු ජනතාවගේ සුමිතුරු ලංකා සතොස සවිමත්ව ගොඩනගන්නේ ඔබගේ කැපවීමයි - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය

    ජූලි 11, 2018

    අපේ රටේ සමස්ත පොදු ජනතාවගේ මිතුරා ලංකා සතොස සවිමත්ව ගොඩනැගීම සඳහා කැපවෙන්නේ සේවකයින් බවත්, එම නිසා සේවක සේවිකාවන්ගේ කැපවීම, කාර්යක්ෂමතාවය ඵලදායීතාව සළකා බලා සේවක බඳවා ගැනීම් සඳහා සහ උසස් වීම් ලබා දීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කර තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ , පසුගිය දා සතොස ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති දීර්ඝ කාලයක් සේවය කළ සතොස සේවක සේවිකාවන් පිරිසකට තනතුරු උසස් කිරීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයේදීය. මෙහිදී සතොස සේවක සේවිකාවන් 45 දෙනෙකු සිය උසස්වීම් අමාත්‍යවරයා අතින් ලබා ගත්තේය. ඉදිරි කාලයේදී ද මේ ආකාරයටම සතොස විවිධ අංශවල දිගුකාලයක් කාර්යක්ෂමව හා ඵලදායීව සේවය කරන ලද සේවක සේවිකාවන්ට ද උසස්වීම් ලබා දීමට අපේක්ෂිතය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

    “අපි ලංකා සතොස ආයතනයේ සේවක බඳවා ගැනීම් හා උසස්වීම් ලබා දීමට නිසි ක්‍රමවේදයක් හඳුන්වා දී තියෙනවා. ඒ සඳහා දේශපාලන, පක්ෂ භේදයකින් තොරව කැපවීමෙන් වැඩකරන දක්ෂයින්ට සිය තනතුරු උසස් කරගෙන ඉදිරියටම යාමට පුලුවන් එය සිය කැපවීම තුළින් සේවක සේවිකාවන් උපයාගත යුතු දෙයක්. ඒ සඳහා ඔබගේ කැපවීම ඉතාමත් අවශ්‍ය වෙනවා. අද උසස්වීම් ලබා ගත් ඔබට ඒ අවස්ථාව හිමි වුණේ ඔබගේ කැපවීම හා වගකීම නිසයි. ඒ නිසා ඔබට පැවරී ඇති රාජකාරිය ඉහළම මට්ටමින්, ඔබගේ දැනුමත් භාවිතා කරමින් උපරිම අන්දමින් ඉටු කිරීම ඔබ සතොස ගොඩ නගන්න, ඉදිරියට ගෙන යන්න කරන විශිෂ්ඨ සේවයක් වන බව කියන්න ඕන. ඔබ සේවය කරන ආයතනයට ඔබ කැපවීමෙන් යුතුව කර්යක්ෂමව සේවය ඉටු කරන්නේ නම්, ඔබට තව තවත් ඉහළට යාමට පුළුවන් වෙනවා. ඒ සඳහා ඔබගේ දක්ෂතාව උපරිම අන්දමින් ඉටු කරන්න සිතට ගන්න. මේ ලංකා සතොස ආයතනය ඔබගේ ආයතනය යි. එය ඔබගේ නිවසයි කියා හිතන්න. ඒ නිසා එය රැකගෙන, එය ඉදිරියට ගෙන යමින්, එයින් පාරිභෝගික ජනතාව වෙනුවෙන් කරන සේවාව ඉහළම අන්දමින් ඉටු කර දීමට සිතට ගන්න.” යැයි පැවසීය.

    මෙම අවස්ථාවට සතොස ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය එන්.එම්.ෆරාස් මහතා ඇතුළු සතොස ඉහළ නිලධාරීන් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya