ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    බහුදින යාත්‍රාවක් සමග අතුරුදන්ව සිටි ධිවරයින් 07 දෙනා නිරුපද්‍රිතව සොයා ගැනේ

    ජූලි 11, 2018

    ගාල්ල ධිවර වරායෙන් ධිවර කටයුතු සදහා මුහුදු ගොස් සති කිහිපයක් අතුරුන්ව තිබු බහුදින ධිවර යාත්‍රාව සමග ධිවරයින් 07 දෙනා සොයාගැනීමට හැකි වූ බව වැඩබලන ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වෙත දැනුම් දී ඇත .

    වැඩබලන අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සදහන් කළේ, මාලදිවයින් වෙරළාරක්ෂක බලකා නිලධාරීන් විසින් මෙම ධිවරයින් පිරිස නිරුපද්‍රිතව බේරාගත් බව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවය. මාලදිවයිනට සැතපුම් 48 ක් දුරින් පිහිටි දුපතක් ආසන්නයේ දී මෙම ලාංකික ධිවරයින් 07 දෙනා සමග බහුදින ධිවර යාත්‍රාව සොයාගැනීමට  හැකි විය .


    පසුගිය ජුනි මස 14 දින ගාල්ලෙන් ධිවර කටයුතු සදහා මුහුදු ගිය සින්දුර් - 02 ධිවර යාත්‍රාව එහි ධිවර කටයුතු වල නිරතව සිටි ධිවරයින් 07 දෙනා සමඟ අතුරුදන්ව තිබුණි. මේ පිළිබදව දැනගත් වහාම විදේශ කටයුතු අමාත්‍යංශය ,ශ්‍රී ලංකා නාවුක හමුදාව , ධිවර අමාත්‍යංශය ඒකාබද්ධව මෙම ධිවරයින් සොයාගැනීම සදහා කටයුතු කළ අතර ඒ සදහා ඉන්දියාව මෙන්ම මාලදිවයින් බලධාරීන්ගේ සහයද ලබාගැනීමට කටයුතු කළහ .

    අද පස්වරුවේ සොයාගත් මෙම ධිවරයින් 07 දෙනා ගොඩබිමට රැගෙන ඒම සදහා මාලදිවයිනට අයත් නෞකාවක් අදාළ මුහුදු ප්‍රදේශයට යැවීමට සියළු කටයුතු යොදා තිබේ . ඒ අනුව මෙම ධිවරයින් මාලදිවයිනට රැගෙන ඒම සදහා තවත් දිනක් පමණ ගතවනු ඇත .

    මෙම ධිවරින් පිළිබදව නිරතුරුව සොයා බලමින් ධිවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් දෙමින් ඔවුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා වැඩබලන ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කටයුතු කරමින් සිටියි .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya