ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    අතුරු ආබාධ නැති ජාන වෛද්‍ය ප්‍රතිකාර සඳහා කටයුතු අරම්භ කරයි

    ජූලි 11, 2018

    තවත් වසර 20කින් ජාන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක වන අතර ඒ සඳහා කටයුතු ආරම්භ කර තිබෙන බව සමකැබිනට් ප්‍රකාශක, සෞඛය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ අතර රෝගය හඳුනාගෙන රෝග ජානයට ප්‍රතිකාර කිරීම මෙමඟින් සිදු වන බව ද සඳහන් කළේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ මෙහිදී අතුරු ආබාධ සම්පූර්ණයෙන් ම නවතින බවයි.

    පිළිකා වැනි රෝගයක් හඳුනාගත් පසු මෙම ජාන ප්‍රතිකාර ක්‍රමය තුළ පිළිකාව වර්ධනය වීම සම්පූර්ණයෙන් නතර වන බවත් පිළිකාවට ප්‍රතිකාර කිරීමෙන් ඇති වන අතුරු ආබාධ කිසිවක් ඇති නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙම ජාන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතු අමාත්‍යාංශයේ වෙනම ඒකකයක් ස්ථාපිත කරමින් ආරම්භ කර තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා විශ්වවිද්‍යාලය ද සම්බන්ධ කර ගනිමින් වසර 10ක් පමණ යන විට යම් රෝග සංඛ්‍යාවකට එම ප්‍රතිකාර ක්‍රමය භාවිත කළ හැකි බව ද සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya