ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    පරිගණක ස්පර්ශ තිර (Touch Screen) භාවිතයෙන් රියදුරු ලිඛිත පරික්ෂණ ක්‍රමවේදයක්

    ජූලි 13, 2018

    පරිගණක ස්පර්ශ තිර භාවිතා ක්‍රමය භාවිතයෙන් රියදුරු ලිඛිත පරික්ෂණ පවැත්වීමේ ක්‍රමවේදය ඇරඹේ.

    රියදුරු බලපත්‍ර ලබාගැනීමේදී අයදුම්කරුවන් මෙතෙක් මුහුණදුන් ලිඛිත පරීක්ෂණය වෙනුවට මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් පරිගණක ස්පර්ශ තිර භාවිතා කිරීම හදුන්වාදීම රියදුරු බලපත්‍ර ලබාගන්න සිටින අයට විශාල පහසුවක්. මෙතෙක් පැවති පැරණි ක්‍රමය අනුව රියදුරු බලපත් ලබාගැනීම සඳහා ලිඛිත පරීක්ණයට පෙනීසිටි අයදුම්කරුවන් හට සිදුවු අපහසුතාවයන්, ප්‍රමාදයන් හා අක්‍රමිකතා පිළිබඳවත් මාධ්‍ය මගින් නිරන්තරයෙන්ම හෙළිදරව් කර තිබුනා. ඒ නිසා මෙම අඩුපාඩු මගහරවා ගැනීම සඳහාත් නවීන තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරමින් අයදුම්කරුවන්ට අපහසුතායවයකින් හා ප්‍රමාදයකින් තොරව ලිඛිත පරීක්ෂණයට මුහුණ දීමට හැකි ක්‍රමයන් අනුගමනය කරන ලෙස මා මීට පෙර මෝටර් රථ කොමසාරිස්තුමාට උපදෙස් දීලා තිබුනා. අද වන විට පරිගණක ස්පර්ශ ක්‍රම භාවිත ක්‍රමය මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව හදුන්වා දී ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ  ඊයේ (12) දින පෙරවරුවේ වේරහැර මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු කාර්යාල පරිශ්‍රයේදී පැවති පරිගණක ස්පර්ශ
    තිර භාවිතා ක්‍රමය හදුන්වාදීමේ උත්සව අවස්ථාවකදීය. 

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා: මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මේ වන විටත් නවීන තාක්ෂණ ක්‍රමවේදයන් භාවිත කරන්න පෙළඹිලා තියෙනවා. ඒක ජනතාවටත් ඉතාමත්ම පහසුයි. ඒ වගේම පරිපාලනමය ගැටලුත් අඩුයි. ඒ වගේම විෂමාචාරත් අඩුයි. මේ නවීන තාක්ෂණය තවදුරටත් අනුගමනය කරන්න ඕන. විශේෂයෙන් ඊ මෝටරින් ක්‍රමයත් අපි කඩිනමින්ම හදුන්වාදෙන්න ඕන. මේ තුළින් නිවසේ සිටම තම පරිගණකයෙන් හෝ ජංගම දුරකතනයෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙන්න පුලුවන්.

    මේ තුළින් ජනතාවට විශාල පහසුවක් ලැබෙනවා. තමන්ගේ කාලය හා ශ්‍රමය ඉතිරි වෙනවා. ඒ වගේම විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන්නත් පුලුවන්. ඒ වගේම වාහන හිමියන්ගෙන් එන තවත් පැමිණිල්ලක් තියෙනවා ඒ වාහන යෝග්‍යතා පරීක්ෂාව හා බර සම්බන්ධ සහතික ලබාගැනීම. මම ඒකටත් යෝජනා කරනවා ඒ වාහන ආනයනය කරන ආයතන මගින්ම මේ වාහන වල තත්ත්ව පරීක්ෂණ ලබාදෙන්න කියලා. ඒ වගේම තවදුරටත් ලිපිගොණු පුරවගෙන ගොඩගහගෙන ඉන්න අවහය නැහැ. ඒ සියලු දේවල් පරිගණක ගත කළයුතුයි. මේක සියලු දෙනාටම පහසුයි යැයිද ප්‍රකාශ කළේය.

    ප්‍රථම අදියර යටතේ රුපියල් මිලියන 39 ක වියදමින් පරිගණක තිර 143ක් සවිකර ඇති අතර වේරහැර කාර්යාලයේදී මෙම පහසුකම් අද දින (2018.07.12) ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන සේවයට විවෘත විය.එළඹෙන ලබන වසරෙදි (2019) වර්ෂයේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශිය කාර්යාල 24 සඳහාම මෙම පහසුකම් ලබාදීමට කටයුතු කරන බව මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

    නව රියදුරු බලපත්‍ර ලබා ගැනීමට ලිඛිත පරීක්ෂණය සඳහා දිනකට අයදුම්කරුවන් 3000 ක් පමණ කොළඹ ඇතුළුව දිවයින පුරා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ශාඛා කාර්යාල වෙත යොමු වේ. වේරහැර කාර්යාලය වෙත පමණක් දිනකට 350ක් පමණ අයදුම්කරුවන් ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් වන බව එම දෙපාර්තමේන්තුව පවසයි. මෙහිදී අයදුම්කරුවන් හට ප්‍රමාදවීම් ද, ලිඛිත පරීක්ෂණය පැවැත්වීමේදි විවිධ පරිපාලනමය ගැටළු ද මතු වි ඇත. ඒ අනුව නවීන තාක්ෂණයෙන් යුතු මෙම නව ක්‍රමය හදුන්වාදීමේදි අයදුම්කරුවන්ට මුහුණුදීමට සිදු වන අපහසුතාවයන් අවම කරලීමට මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවට හැකි වන විශ්වාසය පල කෙරේ. නව ක්‍රමය අනුව පරිගණක තිරයේ දිස්වන ප්‍රශ්නවලට අදාල නිවැරදි පිළිතුරු ස්පර්ශ කිරිමේන් ලබා දිය හැක. මෙයට අමතරව අයදුම්කරුවන්ට තමා සැපයු පිළිතුර පිළිබදව නැවත පරික්ෂා කිරිමට හා පිළිතුරු සංශෝධනය කිරිමට හැකි වේ. ඊට අමතරව මෙම ක්‍රමය තුලින් පහත සදහන් ප්‍රතිලාභ අයදුම්කරුවන්ට ලැබෙනු ඇත.

     එම අවස්ථාවේදිම තමා මුහුණ දුන් විභාග පරික්ෂණයේ ප්‍රතිඵල පරිගණක තිරය තුල දිස්වීම
     විභාගය සදහා ඉතිරිව ඇති කාල සීමාව පරිගණක තිරය මත සදහන් වීම.

     එක් එක් අයදුම්කරු පරික්ෂණයට මුහුණ දි අවසන් වු වහාම ඔවුන්ගෙන් සමත් අය හට පුහුණුවන්නකුගේ අවසරපත්‍රය ලබා ගැනිමට ද අසමත් අයට යළි පරික්ෂණය සදහා දිනයක් ලබා ගැනිමටද අප්‍රමාදව කටයුතු කළ හැකි වීම.
     ඕනෑම අවස්ථාවකදි විභාග අපේක්ෂකයකු විසින් සලකුණු පිළිතුරු මොනවාද යන්න හා එම අපේක්ෂකයා ලබා ගත් ලකුණු පිළිබද වෙනස් කළ නොහැකි විගණන සටහන් පරිගණක පද්ධතියෙන් සටහන්ව තිබිම හා ඒවා යළි විමර්ෂණයට ලක් කළ හැකි විම.


    ඒ අනුව ඉහතින් සදහන් පරිදි මෙම නව ස්පර්ශ තිර ආශ්‍රයෙන් රියදුරු බලපත්‍ර පරික්ෂණය පැවැත්විම මගින් ඒ සදහා සහභාගීවන අපෙක්ෂකයින්ටත්, දෙපාර්තමේන්තුවටත් ඉතා විශාල කාර්යක්ෂමතාවයක් ලැබෙතැයි අපෙක්ෂා කෙරේ.

    මෙම අවස්ථාවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, අමාත්‍යාංශ ලේකම් ජී.එස්.විතානගේ, මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් රැසක්ද සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya