මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook

    සංවිධානාත්මක අපරාධ වැඬලීමට අපරාධ නීතිය සංශෝධනය කිරීම වැදගත්

    ජූලි 13, 2018

    සංවිධානාත්මකව සිදු කරාන් අපරාධ මර්දනය කිරීම සඳහා දැනට පවතින අපරාධ නීතිය සංශෝධනය කිරීම වැදගත් බව ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ ආඥාපති, හා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා පවසයි.

    එසේම අපරාධ මර්දන ක්‍රියාවලියේ දී රජයේ එක් එක් අංශ අතර මනා සහයෝගයක් හ සම්බන්ධීකරණයක් තිබීම ඉතා වැදගත් වන බවද ලතීෆ් මහතා ප්‍රකාශ කළේ, ''ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ සහ එහි ගෝලීය පැතිකඩ'' මැයෙන් පැවැති සම්මන්ත්‍රණයේ අඳහස් දක්වමිනි.

    බණ්ඩාරනයක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණය ඊයේ (12) පෙරවරුවේ ආරම්භ වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.


    මෙහිදී සංවිධානාත්මක අපරාධ මැඬලීම සඳහා නීතිය බලාත්මක කිරීමේ අභියෝග මැයෙන් දේශනයක් කළ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතා, අපරාධවලට ගොඳුරුවන වින්දිතයින්ට සහ ඒ පිළිබඳව නඩුවලට සාක්ෂි ලබාදෙන සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සැපයීමට පියව්‍ර ගන්නා බවද පෙන්වා දුන්නේ ය.

    අපරාධ මැඬලීමට බුද්ධි අංශ තවත් ශක්තිමත් කළ යුතුයි. අපරාධකරුවන් සිය කටයුතුවලට නවීන ක්‍රම යොදා ගන්නා බැවින් බුද්ධි අංශවලට ද ඒ පිළිබඳව දැනුම හා අවබෝධනය ලබාදිය යුතුයි. සංවිධනාත්මක අපරධ නැවත නැවත සිදු වීම සමාජයේ හටගෙන ඇති ගරිල්ල යුද්ධයකට සමානයි. බන්ධනාගරවල මරණ දඬුවම නියම වී සිටින සමහර කුඩු ජාවාරම්කරුවන් එහි සිට තවමත් ජාවාරම් කරගෙන යන බවට තොරතුරු අප සතුව පවතිනවා. මෙවැනි කටයුතු නතර කිරීමට බන්ධනාගාර පරිපාලනය වඩාත් ශක්තිමත් කළ යුතු බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya