ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    93 වන උදා ගම්මානය හෙට ජනතා අයිතියට

    ජූලි 17, 2018

    ජනතා අයිතියට පත්වන 93 වන උදා ගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට සිරිබෝපුර ඉදිවූ  සෙන්පති ඛඤ්ඡදේවගම ජනතා අයිතියට පත් කිරීම හෙට (18) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත ප්‍රේමදාස මහතා අතින් ජනතා අයිතියට පත් කෙරේ.

    මෙහි මුළු නිවාස ගණන 34ක් වන අතර මෙම ගම්මානයේ ඉදිකිරීම් 2016 දෙසැම්බර් ආරම්භ විය. මෙම නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩුපොලී නිවාස ණය ලබාදී තිබෙන අතර ප්‍රජා සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ උදා ගම්මානයකි.

    සෙන්පති ඛඤ්ඡදේවගම ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 2.5ක් වන අතර සෑම නිවසකටම පර්චස් 10 බැගින් ලබාදී තිබේ. ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින් ද විධිමත්ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය.

    මෙම ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදී එහි නිවාසලාභී පවුල් 34 සඳහා නිවාස හිමිකම්පත් ලබාදීම, ප්‍රදේශවාසී අඩු ආදායම්ලාභී පවුල් 100කට රුපියල් ලක්ෂ 100ක වටිනාකමකින් යුතු " විසිරි නිවාස ණය" ලබාදීම මෙදින සිදු වේ.

    ප්‍රතිලාභීන් 100 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 200ක වටිනාකමකින් යුත් " සොඳුරු පියස" නිවාස ණය පිරිනැමීමද, අභ්‍යාසලාභීන් 50 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 25 ක් වටිනා " ශිල්ප සවිය" ප්‍රතිලාභ ලාබාදීම ද සිදු වේ.

     එසේම ප්‍රතිලාභීන් සඳහා RSB බැංකුව මඟින් ස්වයං රැකියා ණය ප්‍රදානය කිරීම ද , ප්‍රදේශයේ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන් සඳහා ඇස් කණ්නාඩි ප්‍රදානය ද සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya