ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    අතුරුදන්ව සිටි ධිවරයින් 07 දෙනා ගුවන් මගින් ලංකාවට ගෙන එයි

    ජූලි 18, 2018

    ධිවර රැකියාවේ සිටියදී බහුදින යාත්‍රාවක් සමග පසුගිය මස 29 දින සිට අතුරුදන්ව සිටි ධිවරයින් 07 දෙනා ගුවන්මගින් ඊයේ [ 17 ] ලංකාවට ගෙන්වා ගැනීමට හැකි විය.


    අතුරුදන්ව සිටි මෙම ධිවරයින් පිරිස මාලදිවයිනට සැතපුන් 40 ක් පමණ දුර මුහුදු ප්‍රදේශයේදී මාලදිවයින වෙරළාරක්ෂක බලකා නිලධාරීන් විසින් බේරාගනු ලැබුහ . මෙම ධිවරයින් බහුදින ධිවර යාත්‍රාවකින් ධිවර රැකියාව සදහා පිටත්ව ගොස් තිබුනේ ගාල්ල මුහුදු ප්‍රදේශයේ දී ය.

    ධිවර රැකියාවේ නිරතව සිටියදී යාත්‍රාවේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඔවුන් සිටි බහුදින යාත්‍රාව මාලදිවයිනට ආසන්න මුහුදු ප්‍රදේශය දෙසට පා වී ගොස් තිබේ . මේ පිලිබදව දැනගත් වහාම ධිවර අමාත්‍යංශයේ මැදිහත් වීම මත ඉන්දියාව සහ මාලදිවයින ඇතුළු රටවල් වල සහය ලබාගනිමින් මෙම ධිවරයින් බේරාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව දියත් කළහ .
    මෙලෙස බේරාගත් ධිවරයින් පිරිස ලංකාවට ගුවන් මගින් ගෙන්වාගැනීම සදහා ධිවර අමාත්‍යංශය කටයුතු කල අතර කාර්මික දෝෂයකට ලක්ව ඇති යාත්‍රාව අළුත්වැඩියා කර නැවත ලංකාවට රැගෙන ඒම සදහා අවශ්‍ය කටයුතු කර ඇති අතර ඒ සදහා ලංකාවේ යාත්‍රා අළුත්වැඩියා කිරීමේ කාර්මිකයින්ට මාලදීයවයිනට යැවීමට අවශ්‍ය කටයුතු ද ධිවර අමාත්‍යංශයේ මැදිහත්වීම යටතේ සිදු කර තිබේ .
    අද දහවල් පැමිණි එම ධිවරයින් පිරිස ධිවර අමාත්‍යංශයට පැමිණි අවස්ථාවේදී පිළිගනු ලැබුහ .

    අනතුරුව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි මහතා සහ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් මෙම ධිවරයින් මුහුණදුන් බිහිසුණු අත්දැකීම පිලිබදව කරුණු විමසු අතර , සන්නිවේදන ජාලයේ පවතින දුර්වලතා කඩිනමින් නිවැරදි කර නවීන තාක්‍ෂණික ක්‍රමෝපායන් සහ සැටලයිට් තාක්‍ෂණය භාවිත කරමින් මෙවන් අනතුරු වලට ලක් වන ධිවරයින් මුදාගැනීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර මෙවන් අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව පැවසුහ .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya