ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් දිනයට සමගාමීව පාසල් විවාද සහ රචනා තරගාවලියක්

    ජූලි 19, 2018

    තොරතුරු දැනගැනීමේ අයිතිවාකම් දිනයට සමගාමීව පාසල් විවාද තරගාවලියක්  සහ රචනා තරගාවලියක්  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කර තිබේ.

    මෙම තරගාවලිය සඳහා ඉල්ලුම් පත්භාර ගැනීමේ 2018.07.27 දිනෙන් අවසන් වේ. මෙම තරගය සඳහා ඉල්ලුම්පත් විදුහල්පතිවරුන්ගේ අනුමැතිය සහිතව කලාප කාර්යාල වෙත භාරදිය යුතුය. මෙම තරග සිංහල හා දෙමළ මාධ්‍ය දෙකෙන්ම පැවැත්වේ.

    කලාප, පළාත් මට්ටමින් ජයග්‍රහකයින්ට සහතික පත්‍ර පිරිනැමෙන අතර සමස්ත ලංකා ජයග්‍රහණයන් සඳහා රන්, රිදී, ලෝකඩ පදක්කම් සහ සහතික පත්‍ර ප්‍රදානය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2018.09.28 දින නෙළුම් පොකුණ රඟහලේදී සිදු කිරීමට නියමිතය.

    විවාද තරග කලාප සහ පළාත් මට්ටමින් මූලික තරග පැත්වෙන අතර පළාත් ජයග්‍රාහී කණ්ඩායම් (සිංහල, දෙමළ) සමස්ත ලංකා තරග සඳහා යොමු කෙරේ.


    විවාද තරග මාතෘකා-

    1. තොරතුරු අයිතිය ක්‍රියාත්මක කිරීමේදී වඩා වැදගත් වනුයේ ඉල්ලීමට පෙර තොරතුරු ප්‍රසිද්ධ කර තිබීමය. ( proactive)/ ඉල්ලීමට අනුව තොරතුරු ලබාදීම (Reactive)

    2.තොරතුරු පනත වඩා ප්‍රයෝජනවත් වනුයේ පුරවැසියාවය./ මාධ්‍යවේදියාටය
    3.තොරතුරු පනත වඩා ඵලදායී ලෙස යොදාගත හැකි වන්නේ පොදු අරමුණු විසඳා ගැනීම සඳහාය./ පෞද්ගලික අරමුණු සඳහායග

    4. තොරතුරු පනත භාවිතා කළ හැකි වනුයේ පුරවැසියන් සවිබල ගැන්වීමටය./ දූෂණ විරෝධි අවියක් ලෙසය.

    එක් එක් පළාතේ විවාද තරග පැවැත්වෙන දිනයන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් දන්වනු ලැබේ.


    රචනා තරග වයස් කාණ්ඩ 12, 13 ශ්‍රේණි ජ්‍යෙෂ්ඨ අංශයෙන්  සහ වයස් කාණ්ඩ අවුරුදු 9,10,11 ශ්‍රේණි  කණිෂ්ඨ අංශයෙන් තරග සඳහා ඉදිරිපත් විය හැක.  කලාප මට්ටමින් හොඳම රචනා නිර්මාණ තුන බැගින් තෝරා ගැනෙන අතර පළාත් අධීක්ෂණ මණ්ඩල වෙත යොමු කරනු ලැබේ. ඒ අය අතුරින් පළාත් ජයග්‍රාහී රචනා සමස්ත ලංකා තරග සඳහා යොමු කෙරේ.

    රචනා මාතෘකා

    1. තොරතුරු අයිතිය පුරවැයියෙකු සවිබල ගන්වයි
    2. තොරතුරු අයිතය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රාණ වායුවයි
    3. තොරතුරු අයිතිය තුළින් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් කරා
    4. තොරතුරු අයිතියයි අපේ ගමේ සංවර්ධනයයි
    5. තොරතුරු අයිතියේ ප්‍රයෝජන රටේ ජනතාවයි

    වැඩි විස්තර
    අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් 1988
    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු දැන ගැනීමේ අංශය - දූරකතන  0112515700/ www.rti.gov.lk

     

    debete1

     

     

    essay2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya