ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    ගංගා දෝණි දහයක් ආශ‍්‍රීතව ඇතිවන ගංවතුර තත්ත්වයන් පාලනය කිරීමට සැලසුම්

    ජූලි 22, 2018

    ජලය වැඩි සහ අඩු යන කාරණා පිළිබඳ වැඩි සැළකිල්ලක් දක්වමින් ආපදා කළමනාකරණ වැඩපිළිවෙල දියත් කිරීමට සැලසුම් කරන බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

     

     අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙරට ආපදා ඇතිවීමට ප‍්‍රධාන හේතු කාරණා දෙකක් ලෙස ජලය වැඩි හා ජලය අඩු යන කාරණා හදුනාගත හැකි බවයි. ගංවතුර හා නියඟය යන තත්ත්වයන් ඇති වීම තුළ මේ බව පැහැදිළි වන්නේ යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. එබැවින් ආපදා කළමනාකරණයේදී ජලය වැඩි ස්ථානවල සිට ජලය අඩු ස්ථාන කරා ප‍්‍රවාහනය කිරීම ඉතා සුදුසු ක‍්‍රමවේදයක් ලෙස හදුනාගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    වාරිමාර්ග හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ පසුගියදා (20) පැවැති නිලධාරී සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය. ඉදිරි ආපදා සැලසුම් පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම වෙනුවෙන් රැස්වීම කැඳවා තිබිණ.

    මෙම වැඩපිළිවෙල යටතේ කළු, කැළණි, නිල්වලා ඇතුළු ගංගා දෝණි දහයක් ආශ‍්‍රීතව ඇතිවන ගංවතුර තත්ත්වයන් පාලනය කිරීමට සැලසුම් කර තිබේ. එම වැඩපිවෙල මේ වන විටත් ආරම්භ කර ඇති අතර, එහි මූළික වැඩපිළිවෙල කි‍්‍රයාත්මක වන්නේ කළු ගං දෝණිය කේන්ද්‍ර කර ගනිමිනි. ජලය හිග ප‍්‍රදේශ වෙත ජලය රැගෙන යාම තුළ විපත් අවම කළ හැකිය යන තේමාව පාදක කර ගනිමින් මෙම වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරන බවත්, එය විද්‍යාත්මක කි‍්‍රයාවලියක් මත පදනම්ව කි‍්‍රයාත්මක වන පුළුල් වැඩපිළිවෙලක් බවත් අමාත්‍යවරයා පැවැසීය.

    වාරිමාර්ග හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් සිසිර කුමාර, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කපිල ජයසෙකර, වාරිමාර්ග අධ්‍යක්‍ෂ ජනරාල් එස්. මෝහනරාජා යන මහත්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya