ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    ජාතික සමගිය හා සංහිඳියාවට සහාය දීම මාධ්‍යවේදීන්ගේ වගකීමක් - ඇමැති කබීර් හෂීම්

    ජූලි 23, 2018

    අප රටේ ජාතික සමගිය හා සංහිඳියාව පවත්වාගෙන යාමට සහායවීම මාධ්‍යවේදීන්ට විශේෂ වගකීමක් පැවරී තිබෙන බව මහා මාර්ග හා මාර්ග සවර්ධන ඇමති කබීර් හෂීම් මහතා පවසයි.

    කුමන බාධක පැමිණියත් මුස්ලිම් මාධ්‍යවේදීන් ඔවුන්ගේ ඒ පිළිබඳ වගකීම ඉටු කරමින් කටයුතු කිරීම ගැන තමා ඔවුන්ට ස්තුතිවන්ත වන බවත් අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසුවේ, ඉකුත් 22 දින පැවති ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදී සංසදයේ 22 වැනි මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙමිනි.

    ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදී සංසදයේ සභාපති එන්.එම්.අමීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට මුස්ලිම් මාධ්‍යවේදීහු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

    මෙහිදී තවදුරටත් කතා කළ කබීර් හෂීම් අමාත්‍යවරයා මෙසේද කීහ.


    පසුගිය කාලයේ ඉස්ලාම් භක්තිකයන්ට අභියෝග රාශියක් ඒල්ලවුණා. ජාත්‍යන්තරයේ ඉස්ලාම් ධර්මයට විරුද්ධව කුමන්ත්‍රණ රාශියක් පැවති බව ඔබලා දන්නවා. ඒ ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරි බලවේග අපේ රටේ සිංහල ප්‍රජාවත් මුස්ලිම් ප්‍රජාවත් අතර ප්‍රශ්න ඇති කිරීමට උත්සාහ කරනවා. මේ රටේ සමහර දේශපාලන බලවේග මේවා දේශපාලන අවියක් හැටියට පාවිච්චි කරන්න බලනවා. ඒත් අප මතක තබාගත යුතුයි සිංහල රජකාලයේ සිට සිංහල ප්‍රජාව සහ මුස්ලිම් ප්‍රජාව අතර තිබූ බැඳීම . ඒ බැඳීම කඩන එක ලේසි නැහැ. අප එයට ඉඩ දෙන්නෙත් නැහැ.


    අපි සංවර්ධනය දියුණුව ගැන කතා කළත් නියම සංවර්ධනය ඇති වන්නේ ජාතීන් අතර පවතින මගිය තහවුරු වූ විටයි. ජාතින් අතර සමගිය ගොඩනගන්නේ නැතිව අපට රටක් විධියට ඉදිරියට යා නොහැකි බවද ඒ මහතා කීය.
    මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් සේවය කොට ඇති මාධ්‍යවේදීන් දස දෙනෙකුට සම්මාන පිරිනැමීමද මෙහිදී ඇමැති කබීර් හෂීම් මහතා විසින් සිදු කරන ලද අතර එහිදී රජයේ නිලපුවත් වෙබ් අඩවියේ සිංහල අංශයේ සංස්කාරක ප්‍රවීන මාධ්‍යවේදී දයාලංකාපුර මහතා වෙත ද සම්මානයක් ප්‍රදානය කළේ ය.

    විදේශ තානාපතිවරු, ඇමතිවරු ඇතුළු ආරාධිත අමුත්තන් සහ මාධ්‍යවේදීන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya