ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    “ ගම්පෙරලිය” සහ “ ග්‍රාම ශක්ති ” ග්‍රාමීය ජිවනෝපාය සංවර්ධන වැඩසටහනට සමගාමීව ජලජිවි වගාවෙන් ආර්ථිකයේ පෙරළියක්

    ජූලි 24, 2018

    පසුගිය රජය ලෝකයට වූ ණය කන්ද ජලජිවි වගාවෙන් පමණක් ගෙවා දැමීම සඳහා “ ගම්පෙරලිය”  සහ “ ග්‍රාම ශක්ති ” ග්‍රාමීය ජිවනෝපාය සංවර්ධන වැඩසටහන්වලට සමගාමිව මෙරට  ආර්ථිකයේ නව පෙරළියක් ඇතිකිරීම සඳහා ජලජිවි වගා සංග්‍රාමය දියත් කළ බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .

    මෙම ජලජිවි වගා සංග්‍රාමය යටතේ අපනයනය සඳහා ගොඩබිම මත්ස්‍ය වගාව ආරම්භ කළ බවත් මත්ස්‍ය නිෂ්පාදන සඳහා අගය එකතු කර වැඩි විදේශ විනිමයක් උපයාගැනීම සඳහා මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කිරීමට කටයුතු කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ජාතික ධිවර මහා සම්මේලනය සංවිධානය කරන“  දියවර අරුණ ”  ආකල්ප වර්ධන වැඩසටහනට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව පැවසිය .බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ ශ්‍රවනාගාරයේදී ඊයේ (23) පැවැති මෙම ආකල්ප වර්ධන වැඩසටහන පැවැත්විණ .

    ලංකික ධීවරයා ව්‍යවසායකයකු බවට පත්කිරීමේ දිලිප් වෙදආරච්චි මහතා ආරම්භ කළ වැඩපිළිවෙළ යටතේ ධිවර ජනයාගේ ආකල්ප වෙනසක් තුළින් නවීන තාක්‍ෂණය දේශීය ධිවර කර්මාන්තයට හඳුන්වාදීම සහ ලෝකයේ අනෙකුත් රටවල් සමඟ උරෙන් උර ගැටී ධිවර කර්මාන්තයේ නිරත වීමටත් එමගින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වැඩි විදේශ විනිමයක් රටට උපයා දීමත් අරමුණ කරගනිමින් මෙම “ දියවර අරුණ ”  ආකල්ප වර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ .

    ජලජිවි වගා සංවර්ධනය පිළිබඳ පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියට තමා උපදස් ලබාදී තිබෙන බවත් මේ යටතේ අපේ මිරිදිය ධිවර කර්මාන්තය වෙනුවෙන් සියලු ජලාශ ආශ්‍රිත ධිවර කර්මාන්තය ආරම්භ කිරීමටත්, දැනට ධිවර කර්මාන්තය සිදුකරන ජලාශ ආශ්‍රිත ධිවර ජනතාවගේ සුබසාධන වැඩසටහන් සඳහා අවදානය යොමු කර තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    “අපේ ධීවරයා අතමිට සරු ධීවරයෙකු කිරීම සදහා මත්ස්‍ය වගාව කඩිනමින් ආරම්භ කරන්න කටයුතු කරනවා . මේ සදහා මේ වන විටත් නව මත්ස්‍ය විශේෂ 12 ක් හදුන්වා දී තියෙනවා . විශේෂයෙන් ලෝකයේ විශාල ඉල්ලුමක් පවතින කකුළු සහ ඉස්සන් වගාව ආරම්භ කරලා තියෙනවා .  මේ වන විටත් එහි නියමු ව්‍යාපෘතිය හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වෙමින් තියෙනවා . ඒ යටතේ රැකව ප්‍රදේශයේ අක්කර 42 ක කකුළු නිෂ්පාදන කර්මාන්තය ආරම්භ කරලා අවසාන් . ඊට අමතරව තවත් අක්කර 200 ක කකුළු වගාව ආරම්භ කිරීමේ කටයුතු ආරම්භ කරන්න කටයුතු කරලා ඉවරයි .  ”

    මෙම අවස්ථාවට ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති නුවන් ප්‍රසන්න මදවන් ආරච්චි , එම අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් නිමල් චන්ද්‍රරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya