ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    අනුරාධපුර තම්මැන්නාව ග්‍රාමීය රෝහලේ සිද්ධියක් සම්බන්ධයෙන් සුව ඇමැති නියමයෙන් පරීක්ෂණයක්

    ජූලි 25, 2018

    හදිසි අනතුරකට ලක්ව තුවාල ලැබූවන් තිදෙනෙකු අනුරාධපුර තම්මැන්නාව ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරිමට යාමේ දී වෛද්‍යවරයෙකු නොමැති බව පවසා ඇතුළත් කර නොගැනීම පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දැනුම් දී  ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    සති දෙකක් තුළ විධිමත් පරීක්ෂණයක් පවත්වා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙසද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී ඇත.
     
    අනුරාධපුර තම්මැන්නාව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ එකම පවුලේ තිදෙනෙකු තම්මැන්නාව ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරිමට යාමේ දී වෛද්‍යවරයෙකු නොමැති බව පවසා ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත. ඉන් පසු එම තුවාලකරුවන් තිදෙනා මිහින්තලය රෝහල වෙත රැගෙන යන අතරතුර දී පියා සහ දරුවා ජීවිතක්ෂයට පත්ව ඇත. මව අනුරාධපුර මහ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya