ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    අවබෝධය තුළින් සංහිඳියාවේ දිගු කාලීන සාමයක් ඇති කළ හැකියි

    ජූලි 25, 2018

    අවබෝධය තුළින් සංහිඳියාව ඇති කිරීමෙන් දිගු කාලීන සාමයක් ඇතිකර ගැනීමට හැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.

    ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය, දිවයිනේ දිස්ත්‍රික්ක 16 ක් ආවරණය වන පරිදි ආගමික සහ වාර්ගික සහජීවනය වර්ධනය කරලීම උදෙසා ක්‍රියාත්මක කරන අන්තර් ආගමික සමුළුව ඊයේ (24) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. එම අවස්ථාවට එක් වෙමින් හිටපු ජනාධිපතිනිය මෙම අඳහස් දැක්වූවාය.


    දශක තුනක් පමණ පැවති යුද්ධය අවසන් වුවද තවමත් ඒ නිසා හටගත් බොහෝ ගැටලු විසඳමින් පවතින බවත් ආගමික සංහිඳියාව තුළින් ජාතික සංහිඳියාව ඇති කළ හැකි වුවද ඇතැම් රජයන් මෙම ජාතින් අතර අසමගිය ඇති වීමට සහය පළ කළ බවත් පැවසූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, රාජ්‍ය සේවයට සිංහල මෙන්ම දෙමළ මුස්ලිම් පුද්ගලයන් ද අවශ්‍ය බව සඳහන් කළාය. අවබෝධය තුළින් සංහිඳියාව ඇති කිරීමෙන් පමණක් දිගු කාලීන සාමයක් ඇතිකර ගැනීමට හැකි බවද තවදුරටත් හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළාය.

    ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂාඅමාත්‍ය මනෝ ගනේෂන් මහතාද මේ අවස්ථාවට එක්ව සිටි යේ ය.

    දිස්ත්‍රික් 16 නියෝජනය කරමින් පැමිණි ආගමික නායකයින් විසින් ඒ ඒ දිස්ත්‍රික්කවල පවතින් මෙම අන්තර් ආගමික් කමිටුවල සාර්ථකත්වය ඔවුන් විසින් පැහැදිළි කර දුන් අතර ඔවුන්ගේ අත්දැකීම් හා යෝජනා ඇතුළත් , සංහිඳියාව ගොඩනැංවීම සඳහා වු ජාතික අන්තර් ආගමික කිමටු යෝජනා මාලාවක් ඇතුළත් සංන්දේශයක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට භාර දෙනු ලැබුවා.

    ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ සභාපති ආචාර්ය ජෝ විලියම් මහතා, ශ්‍රී ලංකා ජර්මානු තානාපති කාර්යාලයේ තානාපති ,සර්වෝදය නිර්මාතෘ ඒ.ටී ආරියරත්න මහතා , සිවිල් සමාජ නියෝජනය කරමින් ආචාර්ය ජෙහාන් පෙරේරා මහතා ඇතුළු පිරිසක් ද භික්ෂූන් වහන්සේලා, ක්‍රිස්තියානි පූජකතුමන්ලා , මුස්ලිම් ආගමික මෞලී තුමන්ලා, ඉස්ලාම් ආගමික පූජකතුමන්ලා මෙන්ම මෙහෙනින් වහන්සේලා, කන්‍යා සොයුරියන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya