ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    ජපානයේ රැකියා සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමේ

    ජූලි 26, 2018
    ජපානයේ සීමාවාසීක රැකියා පුහුණුව සඳහා පිටත්වන පුහුණුලාභීන් 10ක් සඳහා අවශ්‍ය ගුවන් ටිකට්පත් ඊයේ (25) විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අතින් ප්‍රදානය කෙරිණි.

    මෙම පිරිස ජපානයේ පුහුණුව සඳහා පිටත්වූ දෙවන කණ්ඩායම වන අතර මේ පිරිසට කෘෂි අංශයේ රැකියා පුහුණුව සඳහා කාන්තාවන් තිදෙනෙකුද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා පුහුණුව සඳහා පිරිමි ශ්‍රමිකයින් 7 දෙනෙකුද ඇතුළත් විය.

    මෙම පුහුණුලාභීන් සඳහා මාස 4ක කාලයක් කාර්යාංශයේ රත්නපුර පුහුණු මධ්‍යස්ථානයේ නේවාසිකව පුහුණුව ලබාදී ඇත. එහිදී ජපන් භාෂාව, ජපානයේ ජීවත්වන අයුරු, සංස්කෘතිය හා රැකියාව සම්බන්ධයෙන් අවශ්‍ය වන පුහුණුව ලබාදී තිබේ. එසේම ජපන් භාෂාව කතා කිරීමට හා ලිවීමට විශේෂ පුහුණුවක්ද ලබා දී තිබේ. ඊට අමතරව ජපානයට ගිය පසු එහි රැකියාව ආරම්භ කිරීමට ප්‍රථම එක් මසක පුහුණුවක්ද ලබාදෙයි.

    මොවුන්ගේ වලංගු වීසා කාලය වසර 2ක් වන අතර, මූලික අදියරේදී රු.180,000ක වැටුපක් මෙම පුහුණුලාභීන් සඳහා ලබාදෙනු ලැබේ. කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු හැර වෙනත් කිසිදු මුදලක් කාර්යාංශය මඟින් මෙම පුහුණුලාභීන්ගෙන් අය නොකරයි.

    මේ වන විට තවත් 60ට ආසන්න පිරිසක් රත්නපුර පුහුණු මධ්‍යස්ථානයේ ජපන් රැකියා සඳහා පුහුණුව ලබයි. එසේම හාලිඇල, ගාල්ල, පන්නිපිටිය යන මධ්‍යස්ථානවල 150ට ආසන්න පිරිසක් ජපන් භාෂා ප්‍රවීනතා පුහුණුව (N4) ලබයි.

    විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර, කාර්යාංශයේ වැඩබලන සභාපති ඒ.ඒ.එම්.හිල්මි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya