ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ නගරයේ ලබන 31 දා දක්වා කඩින්කඩ විදුලි බිඳවැටීම්

    ජූලි 27, 2018

    ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබෙන මහ කොළඹ සම්පේ‍්‍රෂණ සහ බෙදාහැරීම් හානිය අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරයේ කිලෝ වෝල්ට් 132 පද්ධතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීම් කටයුතු හේතුවෙන් අද (27)  පෙ.ව.09.00 සිට ප.ව. 03.00 දක්වා අදාළ ප‍්‍රදේශයන්ගේ විදුලිය කඩින්කඩ විසන්ධි කිරීමට සිදුවන බව  විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය දන්වා සිටි.

    ඒ අනුව මේ මස 27 දින පෙ.ව. 09.00 සිට ප.ව. 03.00 දක්වා

    කොළඹ 03
    (ගාලු පාර, එඩ්වඩ් මාවත, ග්ලෙන් අබිර් පෙදෙස, 8වන පටුමග, පාසල් මාවත, ඇල්ෆ‍්‍රඩ් හවුස් ගාර්ඩන්ස්, පහළ බගතලේ පාර, බගතලේ පාර)

    කොළඹ 04
    (ගාලු පාර, ඉන්ද්‍රා මාවත, හයි පාර, ඬේසිවිලා ඇවනියු, ඩිවෝස් ඇවනියු, වජිර පාර, ආර්.ඒ. ද මෙල් මාවත, මිලාගිරිය ඇවනියු, බම්බලපිටිය ටෙරස්, රෙට්රීට් පාර, ශ්රුබෙරි ගාර්ඩන්ස්, උපතිස්ස මාවත, ලොරිස් ලේන්, බෞද්ධාලෝක මාවත, දුම්රියපොල පාර, ආතර්ස් පෙදෙස, මැජෙස්ටික් ඇවනියු, ටෙ‍්‍රලවන්නි පෙදෙස, ජාවත්ත පාර)

    කොළඹ 05
    (තිඹිරිගස්යාය පාර, අයින්ට්‍රි මාවත, කිරුළ පාර, චිත‍්‍රා පටුමග, සිරිපා පාර, කැප්පෙටිපොළ මාවත)

    කොළඹ 07
    (ටොරින්ටන් ඇවනියු, මිට්ලන්ඞ් ප්ලේස්, විජේරාම මාවත, විද්‍යා මාවත, බෞද්ධාලෝක මාවත, නිදහස් මාවත, ස්ටැන්ලි විජේසුන්දර මාවත, මලලසේකර මාවත)

    කොළඹ 08
    (ඇල්විටිගල මාවත, කිතුල්වත්ත පාර, නාරාහේන්පිට පාර, මොඩල් ෆාම් පාර, මංගල පාත්, ගජබා පාර, බේස්ලයින් පාර, ඞී.එස්. සේනානායක මාවත, ඩ‍ඩ්ලි සේනානායක මාවත)

    යන ප‍්‍රදේශයන්ගේ විදුලිය විසන්ධි කෙරේ. ඊට අමතරව ඉහත සඳහන් පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් පසුගිය 25 වැනි දින සිට මෙම කටයුතු ආරම්භ කර තිබෙන අතර ලබන 31 දින දක්වා ඇතැම්විට අදාළ ප‍්‍රදේශයන්ගේ කඩින්කඩ විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බවද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya