ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා සහ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා උතුරේ කළ සංචාරයේදී ධිවර ජනයා හමු වී ඔවුන්ගේ ගැටලු පිළිබඳ පැවති සාකච්ජාවේදී ඔවුන් මේ බව සඳහන් කළහ.
උතුරේ ධිවර සංගම් නියෝජිතයින සමඟ මන්නාරමේදී සාකච්ඡාවක් පැවති අතර ඔවුන් එහිදී කියා සිටියේ උතුරේ ධිවරයින් ඉල්ලා සිටියේ පසුගිය කාලයේ නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල් වී ධිවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින්ගේ ක්‍රමික අඩුවක් මේ වන විට දකින බවයි
එහෙත් ඇතැම් ඉන්දීය ධිවරයින් තවමත් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධිවර කටයුතු වල නිරතව සිටින බව උතුරේ ධිවරයින් පෙන්වා දුන්නහ.
එලෙස නීති විරෝධීව ශ්‍රී ලංකා මුහුදු සීමාව තවදුරටත් උල්ලංඝනය කරමින් ධිවර කටයුතුවල නිරතව සිටින ඉන්දීය ධිවරයින්ගේ පැමිණීම සම්පුර්ණයෙන් වැළැක්වීමට පියවර ගන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ .
මෙහිදී අමාතවරුන් දෙපලම මේ පිළිබඳව උතුරේ ධිවර ජනතාව දැනුවත් කරමින් පැවසුවේ නීති විරෝධී ව ශ්‍රී ලංකාවට ඇතුල් වන ඉන්දීය ධීවරයින්ගේ පැමිණීම සියයට 75 කින් සිමා කරගැනීමට හැකියාව ලැබී ඇති බවයි .
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ජා හේතුවෙන් මෙවැනි තත්වයක් නිර්මාණය කරගැනීමට වත්මන් රජයට හැකි වූ බවත් උතුරේ ධීවරයින්ගේ ඉල්ලීම පිළිබඳව තවදුරටත් දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ජා මගින් විසදාගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරුන් මෙහිදී උතුරේ ධිවර ජනතාවට අවබෝධ කර දුන්හ .
මෙම සාකච්ජා සඳහා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩේක්කලනාතන් , මන්නාරම ධිවර සහකාර අධ්‍යක්‍ෂ , ප්‍රාදේශීය ලේකම් ඇතුළු පිරිසක් එක්ව සිටියහ .