මෙම පිරිස ජපානයේ පුහුණුව සදහා පිටත්වූ දෙවන කණ්ඩායම වන අතර මේ පිරිසට කෘෂි අංශයේ රැකියා පුහුණුව සදහා කාන්තාවන් තිදෙනෙකුද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා පුහුණුව සදහා පිරිමි ශ්‍රමිකයින් හත් දෙනෙකුද ඇතුළත් විය.
මෙම පුහුණුලාභීන් සදහා මාස 4ක කාලයක් කාර්යාංශයේ රත්නපුර පුහුණු මධ්‍යස්ථානයේ නේවාසිකව පුහුණුව ලබාදෙන ලදී. එහිදී ජපන් භාෂාව, ජපානයේ ජීවත්වන අයුරු, සංස්කෘතිය හා රැකියාව සම්බන්ධයෙන් අවශ්‍ය වන පුහුණුව ලබාදී තිබේ. එසේම ජපන් භාෂාව කතා කිරීමට හා ලිවීමට විශේෂ පුහුණුවක්ද ලබාදෙන ලදී. ඊට අමතරව ජපානයට ගිය පසු එහි රැකියාව ආරම්භ කිරීමට ප්‍රථම එක් මසක පුහුණුවක්ද ලබාදෙයි.
මොවුන්ගේ වලංගු වීසා කාලය වසර 2ක් වන අතර, මූලික අදියරේදී රු.180,000ක වැටුපක් මෙම පුහුණු ලාභීන් සදහා ලබාදෙනු ලැබේ. කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු හැර වෙනත් කිසිදු මුදලක් කාර්යාංශය මගින් මෙම පුහුණු ලාභීන්ගෙන් අය නොකරයි.
මේ වන විට තවත් 60ට ආසන්න පිරිසක් රත්නපුර පුහුණු මධ්‍යස්ථානයේ ජපන් රැකියා සදහා පුහුණුව ලබයි. එසේම හාලිඇල, ගාල්ල, පන්නිපිටිය යන මධ්‍යස්ථානවල 150ට ආසන්න පිරිසක් ජපන් භාෂා ප්‍රවීනතා පුහුණුව (N4) ලබයි.
මෙම වැඩසටහන සදහා විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර, කාර්යාංශයේ වැඩබලන සභාපති ඒ.ඒ.එම්.හිල්මි, ක්‍රියාකාරී අධ්‍යක්ෂක ඒ.එස්.එම් මිස්බා, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී කේ.ඕ.ඩී.ඩී.ප්‍රනාන්දු, IM Japan ආයතනයේ ශ්‍රි ලංකා සාමාන්‍යාධිකාරී කමල් අත්තනායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවිකරණ හා පුහුණු) මංගල රන්දෙණිය, පුහුණු අංශයේ කළමනාකරු ඉන්ද්‍රා පතිනායක යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.