ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    රටක් ලෙස මානව සම්පත සංවර්ධනය කරමින් ජාත්‍යන්තර වෙළඳපොළට යෑමට සූදානම් විය යුතුයි

    ජූලි 29, 2018

    ජාතික සංවර්ධනයේ නියමුවන් වන මේ රටේ ශ‍්‍රම බලකාය නව ලොව දැනුමෙන් පෝෂණය කිරීමට ජාතික ශ‍්‍රම අධ්‍යයන ආයතනය සිදුකරන කාර්ය ඉතාම ප‍්‍රශංසනීය බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමති රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පසුගියදා කොළබ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදි පැවැති ජාතික ශ‍්‍රම අධ්‍යන ආයතනය සංවිධානය කරතිබු ඩිප්ලෝමා හා සහතික පත‍්‍ර ප‍්‍රධානය කිරීමේ උත්සවයට එක්වෙමින්ය.

    එහිදි වැඩිදුරටත් කතා කළ ඇමතිවරයා ; තමන් කරන වෘත්තීය පිළිබඳ නිරන්තරයෙන් යාවත් කාලීන වීම ඉතාම වැදගත්වන අතර එහිදි නව දැනුම,අත්දැකීම් ලබාගැනීම මගින් කාර්යක්ෂමතාවය, ඵලදායිතාවය ඇති කර ගත හැකියි. ඒ මගින් අපේ සංවර්ධන ඉලක්කයන් කරා පහසුවෙන් ළඟාවීමට හැකියාව තිබෙනවා. සෑම වෘත්තියකම නිපුණත්වයක් ලබාගනිමින් ඒ ක්ෂේත‍්‍රයේ ඉදිරියට යන්න අප සියලූ දෙනා තුළ අධිෂ්ඨානයක් පැවැතිය යුතුයි. අ.පො.ස. සාමන්‍ය පෙළ, උසස් පෙළ පන්තිවලදීම තමන් නියැලෙන වෘත්තීය ගැන කල්පනා කරමින් ඊට අදාල විෂයන් හා තවත් උසස් න්‍යායික, ප‍්‍රායෝගික දැනුම ලබාගැනීම වැදගත්වේ.අනිවාර්යෙන් ජාත්‍යාන්තර මට්ටමේ සහතිකයක් ලබාගනිමින් තමන් නියැලෙන වෘත්තීය පිළිබඳ නිරන්තරයෙන් දැනුමෙන් පෝෂණයවීම ජාතියක් ලෙසද අපට ජාත්‍යාන්තරයේ පෙරට යා හැකි ක‍්‍රමවේදයක්වේ.

    දැනටමත් අපේ වෘත්තිකයින් ලෝකය පුරා සේවාවල නියැලූණත් රටක් ලෙස මානව සම්පත සංවර්ධනය කරමින් ඒ සඳහා තිබෙන ජාත්‍යාන්තර වෙළඳපොළට යෑමට අපි සූදානම් විය යුතුයි. ඊට අවශ්‍ය පරිසරය අපි ඉතා ඉක්මනට සකස් කර ගත යුතුවෙනවා. ජාතික ශ‍්‍රමඅධ්‍යයන ආයතනය කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමත්‍යාංශය යටතේ ඇති වැදගත් ආයතනයකී. මෙම ආයතනය මගින් පවත්වනු ලබන ඩිප්ලෝමා සහතික පත‍්‍ර ප‍්‍රධානය කිරීමේ උත්සවයට සහභාගිවීමට ලැබීම සතුටකී. මෙම ආයතනය පිහිටුවීමට මූලිකවු කරුණු තුනක් තිබෙනවා. එනම් කම්කරු ක්ෂේත‍්‍රය තුළ පර්යේෂණ සිදු කිරීම,පුහුණු වැඩසටහන් තුලින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරින්ගේ දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය කිරීම සිදුවේ. කම්කරු නීතිය , ඵලදායිතා සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය, මෙහෙයුම් හා ඇගයුම්කරණය යන ඩිප්ලෝමා පාඨමාලාවන්, දිගුකාලීන අධ්‍යාපන පුහුණු වැඩසටහන් මෙම ආයතනය ක‍්‍රියාත්මක කරනවා. මීට අමතරව මෑත කාලීනව පරිගණක ආශ‍්‍රිත දැනුම ප‍්‍රවර්ධනය කිරීම සඳහා තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාවක්ද ජාතික ශ‍්‍රම අධ්‍යන ආයතනය මගින් ආරම්භ කර තිබෙනවා. සහතිකපත‍්‍ර පාඨමාලා දහ අටක් (18) පවත්වනු ලබයි. මේ වසරේ පමණක් මෙවැනි වැඩසටහන් දෙසිය දහඅටක් (218) පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

     

    මෙහිදි ඩිප්ලෝමාධාරින් පනස් දෙකක් හා සහතික පත‍්‍රලාභීන් අසුහතර දෙනකු ආරාධිත අමුත්තන් අතින් සහතිකපත‍්‍ර ලැබූහ. කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමත්‍යාංශයේ ලේකම් නිමල් සරණතිස්ස, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහචාර්ය අජන්ත ධර්මසිරි, ජාතික ශ‍්‍රම අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ටි.එම්.ජේ.ඩබ්ලිව්. තෙන්නකෝන් යන මහත්වරුද උත්සවය ඇමතූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya