අප්‍රේල් 29, 2025
tami eng youtube  twitter facebook

    කෑගල්ලේ නොනිදන වෙළෙඳ උද්‍යානයක් ඉදිකිරීම සඳහා ජනපති අනුමැතිය

    ජූලි 30, 2018

    කෑගල්ල දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් වෙළෙඳපල අවස්ථා පුළුල් කිරීම හා ඔවුන්ගේ නිෂ්පාදන ලෝක වෙළඳපල දක්වා රැගෙන යාම අරමුණු කොට ගත් නොනිදන වෙළෙඳ උද්‍යානයක් ඉදිකිරීම සඳහා යෝජිත සැලැස්ම සඳහා ජනපති අනුමැතිය හිමි වී තිබේ.

    පසුගිය දා සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවති ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ සබරගමු පළාත් මෙහෙයුම් කමිටුවට සහභාගී වෙමින් ජනපතිවරයා මේ සඳහා සිය එකඟතාව පළ කළ බව කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.


    ගලිගමුව නගරය කේන්ද්‍රෙකාට ගනිමින් නිර්මාණය කිරීමට යෝජිත මෙම වෙළෙඳ උද්‍යානය සඳහා ඇස්තමේන්තු පිරිවැය රු.මි 65 ක් වන අතර ඉන් පළමු වාරිකය ලෙස රු.මි 25 ක මුදලක් ඉදිරි සතියේ ලබා දීමට පියවර ගන්නා බවද ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    කෑගල්ලේ ග්‍රාම නිලධාරී වසම් 33 ක් මේ වන විටත් නිෂ්පාදන ගම්මාන ලෙස ක්‍රියාත්මක වන අතර බිම්වල් වගාව, ඇගළුම් නිෂ්පාදන, විසිතුරු මත්ස්‍ය වගාව, ගෘහස්ත මල් ව්‍යාපාර ආදි ක්ෂේත්‍රයන් ඊට ඇතුළත් වේ. එහෙත් වෙළඳපළ අවස්ථා පුළුල් කර ගැනීමට අසීරු වීම, කළමනාකරණ දුර්වලතා, ව්‍යවසායකත්ව වර්ධනයට ප්‍රමාණවත් උපදේශනයක් නොමැති වීම වැනි ගැටළු තවදුරටත් මේ ව්‍යවසාකයන් හමුවේ ඇති ප්‍රධාන අභියෝග වන එම ප්‍රශ්න වලට පිළිතුරක් ලෙස මෙම නොනිදන වෙළෙඳ උද්‍යානය ඉදිකිරීමට යෝජිතය.

    DMU/Kagalla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya