පසුගිය කාලයේ මිනිස් වෙළෙඳාම් සිදු කෙරෙන රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළ තැනක සිටි නමුත් මෑතකදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් නිකුත් කරන ලද වාර්තා අනුව දැන් ශ්‍රී ලංකාව යහපත් තත්වයකට පත් වී ඇතැයිද නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේ, මිනිස් වෙළෙඳාමට එරෙහි ජත්‍යන්තර දිනය සැමරීම නිමිත්තෙන් අද (30) පැවති උත්සවයකදීය.
විදේශ සේවා නියුක්ති කාර්යංශය පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයේ දී පැවති මෙම උත්සවයට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රි ලංකා නේවාසික නියෝජිත සිම්රින්සිං මහත්මිය හා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීහුද සහභාගී වී සිටියහ.
විවිධ පුද්ගලයින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් නොයෙකුත් බොරු පොරොන්දු දී නියමිත ක්‍රමයෙන් බැහැරව විදේශ රැකියා සඳහා බව කියමින් රට යවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය. එම රටවලදී ලිංගික අතවරවලට හා නියමිත් වැටුප් නොලැබීමේ ප්‍රශ්න වලට මුහුණ පා අමාරුවේ වැටෙන බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, විදේශ රැකියා සඳහා කාර්යංශයෙන් පුහුණුව ලබා එහි ලියාපදිංචි වී නිසි පරිදි විදේශ ගත වන්නේ නම් ප්‍රශ්න ඇති නොවන බවද පැවසීය.
මිනිස් වෙළඳාමට එරෙහිව පා ගමනක්ද මෙහිදී පැවති අතර නියෝජ්‍ය ඇමති මනුෂ නානායක්කාර මහතාද එයට එක්විය.