ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    සුරක්ෂා ප්‍රතිලාභ තවදුරටත් වැඩි කිරීමට සාකච්ඡා

    ජූලි 31, 2018

    පාසල් දරුවන්ට නොමිලේ හිමිවන සුරක්ෂා සිසු රක්ෂණාවරණය හරහා ලබා දෙන ප්‍රතිලාභ තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

    ෙඒ අනුව  මව හෝ පියාගේ අභාවයක දී දරුවාට රුපියල් 75,000 ක මුදලක් ගෙවීම (මීට පෙර හදිසි අනතුරකින් මිය ගිය හොත් පමණක් ගෙවීමට තීරණය කර තිබුණි. මේ අනුව 2017 ඔක්තෝබර් 1 දා සිට හදිසි අනතුරක් හෝ කුමන හේතුවක් මත  මව හෝ පියාගේ අභාවයක දී දරුවාට රුපියල් 75,000 ක මුදලක් ගෙවීමට තීරණය කරන ලදී)

    අක්ෂි හා දෘශ්‍ය ආබාධ සඳහා අවශ්‍ය උපකරණ මිල දී ගැනීම සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන ලබාදීම පිළිබඳවත් එකගතාවකට පැමිණීම සම්බන්ධව සාකච්ඡා කර තිබේ.

    සුරක්ෂා විශේෂ අරමුදලට අදාළ ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කර තිබෙන අතර  ඉදිරියේ දී එම ප්‍රතිලාභ ද දරුවන්ට ලබාදීමට අවස්ථාව ලැබෙනු ඇත.

    මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් පිරිසක් එක්වුණා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya