''සුවපති අභිෂේකය'' ලෙස තේමා කර ගත් මෙම උත්සවයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත සමරු තිළිණය පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරිනි. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ද එක්ව සිටියාය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, කැබිනට් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, විද්වතුන්, කළාකරුවන්, ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.