ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    බන්ධනාගාර නිලධාරීන් 12කට ස්ථාන මාරුවීම්

    අගෝස්තු 01, 2018
    බන්ධනාගාර අධිකාරීවරුන්, සහකාර බන්ධනාගාර අධිකාරීවරුන්, පළමු පෙළ සහ දෙවන පෙළ ජේලර්වරුන් 12 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
     
    බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වසර කිහිපයක් තුළ පුර්ණ විධිමත් තත්ත්වයට පත් කිරීමේ අරමුණින් අවශ්‍ය මානව සම්පත සුදුසු පරිදි ස්ථානගත කිරීම සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
     
    ඒ අනුව නිලධාරීන්ගේ කාර්ය සාධන තත්වය හා පවත්නා තොරතුරු පදනම් කර ගනිමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව හොද මට්ටමකට ගොඩ නැංවීමේ අරමුණින් මෙලෙස බන්ධනාගාර අධිකාරීවරුන්, සහකාර බන්ධනාගාර අධිකාරීවරුන්, පළමු පෙළ සහ දෙවන පෙළ ජේලර්වරුන් 12 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya