ඒ අනුව මෙම වදවීමේ තර්ජනයට ලක්ව සිටින මත්ස්‍ය විශේෂ හඳුනාගැනීම සහ එම මත්ස්‍යයින් රැකගැනීම වෙනුවෙන් ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
මෙම වැඩපිළිවෙළ යටතේ ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ මත්ස්‍ය ජාන විශේෂඥ රෝහණ මුදලිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සංරක්‍ෂණ සහ අභිජනන ක්‍රියාවලිය ආරම්භ කර ඇත .
ඒ අනුව ලංකාවේ විවිධ පළාත් ආශ්‍රිතව සිදුකරන ලද සමීක්‍ෂණ අනුව වදවියාමේ තර්ජනයට ලක්ව සිටින ලංකාවට අවේනික මත්ස්‍ය විශේෂ 12 ක් සංරක්ෂණය කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබේ. ඒ අතර , මැඩියා , ගුරාමි , ගල්පාඩ්, කාවයියා , ලූලා , වලපොත්තා , වළයා , පෙතියා ඇතුළු දේශීය මත්ස්‍ය විශේෂ කිහිපයක් වේ.
මෙලෙස හඳුනාගත් මත්ස්‍යයින් අභිජනනය කිරීමද ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර ඇත. මෙම ඇතැම් මත්ස්‍ය විශේෂ හඳුනාගැනීමට හැකි වී ඇත්තේ මහවැලි ජලාශ ආශ්‍රිතව පමණක් වන අතර එහි වළයා යන මත්ස්‍යයා කිලෝ 40 ක් තරම් විශාල වන මත්ස්‍යයෙකි .
ඊට අමතරව ගඩයා යන දැඩි වදවීමේ තර්ජනයට ලක්ව සිටින මත්ස්‍යයා නාවලපිටිය සහ කොත්මලේ ප්‍රදේශවලට පමණක් ආවේනික මත්ස්‍ය විශේෂයකි.
මෙම මත්ස්‍ය විශේෂ අභිජනනය කර ප්‍රධාන ජලාශ වෙත මුදාහැරීමට අවශ්‍ය කටයුතු ද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ උපදෙස් පරිදි ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර තිබේ.
මේ යටතේ මෙම මත්ස්‍ය විශේෂ ශ්‍රී ලංකාවට ආවේනික මත්ස්‍ය විශේෂ බැවින් දේශීය ජලජිවි වගාවට කිසිදු බලපෑමක් ඇති නොවීමත් විශේෂත්වයකි.
ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය පැවසුවේ ජලාශ මෙන්ම පොකුණු හෝ ටැංකි ආශ්‍රිතව ධිවර කර්මාන්තය වෙනුවෙන් මෙම මත්ස්‍යයින් වගා කිරීමේ හැකියාවද පවතින බවය.
ඒ අනුව මෙම මත්ස්‍ය විශේෂ අභිජනනය කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ කටයුතු තවත් පුළුල් කිරීමට ද උපදෙස් දුන් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඒ සඳහා ලබාදිය හැකි සියලු සහය මෙන්ම සම්පත් ලබාදීමටද කටයුතු කරන බව පැවසිය.
ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති නුවන් ප්‍රසන්න මදවන්ආරච්චි සහ එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නිමල් චන්ද්‍රරත්න මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මත්ස්‍ය ජාන විශේෂඥ රෝහණ මුදලිගේ මහතාගේ මෙහෙයවීමෙන් මෙම අභිජනන සහ සංරක්‍ෂණ වැඩපිළිවෙළ ක්‍රියාත්මකය.