බුද්ධශාසන අමාත්‍යංශයේ දී ඊයේ (01) දින එළිදැක්වුණු මෙම නව වෙබ් අඩවියට පිවිසීමෙන් ශ්‍රීලංකාවේ රජමහා විහාස්ථාන, පුරාන විහාරස්ථාන, ආරණ්‍ය සේනාසන, භාවනා මධ්‍යස්ථාන සහ සිල්මාතා ආරම ඇතුළු සියලු බෞද්ධ විහාරස්ථාන වල විස්තර ලබාගත හැකිවනු ඇත.
www.mbs.gov.lk වෙබ් අඩවියට පිවිස එහි "විහාරස්ථාන නාමාවලිය" යටතේ අද දින සිට ඕනෑම අයෙකුට මෙම විස්තර ලබාගත හැකිවනු ඇත. වෙබ් අඩවිය එළිදැක්වීමේ අවස්ථාවට බුද්ධශාසන අමාත්‍යංශ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.