ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    ‘‘නිල සෙවණ’’ කාර්යාල 12 ක් අද විවෘත වෙයි

    අගෝස්තු 03, 2018

    ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුදල් ප්‍රතිපාදන මත ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක ‘‘නිල සෙවණ’’ ව්‍යාපෘතියට සමගාමීව පාදුක්ක සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉදිකළ නිල සෙවණ කාර්යාල 12 ක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සුරතින් අද (03) සිකුරාදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

    බටහිර හොරගල, උඩුමුල්ල, යටවතුර, පිටුම්පේ උතුර, උග්ගල්ල, අංගම්පිටිය, ගුරුලාන, තුන්මෝදර, වැලිකන්න, පහල කොස්ගම, කුඩගම, මාවතගම බටහිර මෙසේ ජනතා අයිතියට පත් කිරීමට නියමිත නිල සෙවණ කාර්යාල වෙයි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන මත 2020 අවසානය වන විට ''නිල සෙවණ'' කාර්යාල 14,000 ක් ඉදි කිරීමට නියමිත අතර ඒ මගින් කාර්යක්ෂම, විශ්වාසනීය හා ගුණාත්මක රාජ්‍ය සේවයක් ගමේ ජනතාව අතරට ගෙනයාම සදහා අවස්ථාවක් ලැබෙනු ඇත.

    නිල සෙවණ කාර්යාලයක් සඳහා රජය වෙන් කරනු ලබන මුදල රුපියල් ලක්ෂ 20කි.

    මෙම කාර්යාල ග්‍රාම නිලධාරී, සංවර්ධන සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර යන ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිතා වන අතර ගමේ පොදු කටයුතු සඳහා ද යොදාගත හැකි ආකාරයෙන් ඉදි කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya