අමත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කොළඹ ප‍්‍රදර්ශන හා සමුළු මධ්‍යස්ථානයේදී, කොළඹ යතුරුපැදි ප‍්‍රදර්ශනය 2018 විවෘත කිරීමේ උත්වයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
මෙම ප‍්‍රදර්ශනය සංවිධානය කරනු ලබන්නේ ක්‍ෑඵී ඨකදඉ්ක ජාත්‍යන්තර සමූහයේ ශ‍්‍රී ලංකා පාර්ශවය විසිනි. මෙම ප‍්‍රදර්ශනය සඳහා විවිධ මාදිලියේ නවීන යතුරුපැදි, විවිධ සමාගම්වලින් ඉදිරි පත්කර තිබේ. මෙහි ප‍්‍රද්ර්ශන කුටි 50 කට ආසන්න සංඛ්‍යාවක් ඇති අතර, එහි විද්‍යුත් යතුරුපැදි ප‍්‍රදර්ශනයට තබා තිබේ. මීට අමතරව යතුරුපැදි ආශ‍්‍රිත අමතර කොටස් සහිත ප‍්‍රදර්ශන කුටිද රැසක් තිබේ.
මෙහිදී අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.
”ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථමවරට යතුරුපැදි හා ඒ ආශ‍්‍රිත අමතර කොටස් ප‍්‍රදර්ශනයක් පැවැත්වීම ගැන මම එම සංවිධායක මණ්ඩලයට ස්තූතිවන්ත වෙනවා. මෙහිදී මා දුටු විශේෂ දෙයක් නම් අප රටේ යතුරුපැදි හා ඉලෙක්ට්‍රොනික් යතුරුපැදි බෙදාහරින්නන් හා ව්‍යාපාරිකයින්, ආනයනය කරන්නන් මෙන්ම අමතර කොටස් බෙදාහරින්නන් ඇතුළු සියලූම දෙනා මෙම ප‍්‍රදර්ශනයට සහභාගී වී සිටීම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. ඒ වගේම නවීන යතුරුපැදි වර්ග, විශේෂයෙන්ම පරිසර හිතකාමී විද්‍යුත් යතුරුපැදි වර්ග මෙහි ප‍්‍රදර්ශනයට තබා තිබීම විශේෂයෙන් සඳහන් කරන්න ඕන. මෙරට යතුරුපැදි භාවිතා කරන්නන් ගෙවී ගිය වසර කිහිපය තුළ කැපී පෙනෙන ලෙස වැඩිවී තිබෙනවා. 2013 වසරේදී ශ‍්‍රී ලංකාවේ මිලියන 5.2 ක් වාහන භාවිතා කර තිබෙනවා. එය 2017 වසරේදී මිලියන 7.2 දක්වා සියයට 38 කින් ශීඝ‍්‍ර ලෙස වැඩි වෙලා තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙම වාහන ප‍්‍රමාණයෙන් වැඩිම ප‍්‍රමාණය යතුරුපැදි බව හෙළි වී තිබෙනවා. පසුගිය වසරේ භාවිතා වූ මුළු වාහන ප‍්‍රමාණයෙන් සියයට 56 ක්ම වන්නේ යතුරුපැදියි. එම නිසා යතුරුපැදි ව්‍යාපාරයට සුවිශේෂී වගකීමක් පැවරී තිබෙනවා. පරිසර හිතකාමී හරිත යතුරුපැදි ක්ෂේත‍්‍රයක් මෙරටට හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා. රජයක් වශයෙන් අපි මූලිකවම අවධානය යොමු කරන්නේ පරිසර හිතකාමී හරිත මෝටර් වාහන ක්ෂේත‍්‍රයක් අප රට තුළ ව්‍යාප්ත කරලීමටයි. ඒ සඳහා අපි විද්‍යුත් යුතුරුපැදි හඳුන්වාදීමට ඔබගේ සහයෝගය අපේක්ෂා කරනවා.
එක්සත් ජාතීන්ගේ තිරසාර ගෝලීය ඉළක්ක 9 සාක්ෂාත් කර ගැනීම සඳහා අප මෙම මෝටර් රථ හා යතුරුපැදි ක්ෂේත‍්‍රය යොමු කළ යුතු වෙනවා. අප මේ වන විට එකී ගෝලීය ඉළක්ක කේන්ද්‍ර කරගත් පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා පියවර ගනිමින් සිටිනවා. ඒ යටතේ අප තිරසාර කර්මාන්ත සංවර්ධනය මෙන්ම කාර්මිකරණය ඉවතලෑම කළමනාකරණය කරමින් හරිත කර්මාන්ත දිරිමත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එම නිසා යතුරුපැදි කර්මාන්තයේ හා ව්‍යාපාරයේ නිරත ඔබත් තිරසාර ගෝලීය ඉළක්ක කේන්ද්‍ර කරගත් පරිසර හිතකාමී මාර්ගෝපදේශන අනුව ඔබගේ ව්‍යාපාර හැඩ ගස්සවා ගත යුතු වෙනවා. ඒ සඳහා වන යටිතල පහසුකම් මෙන්ම වෙළෙඳපොළ සකස් කර දීමට අපගේ රජය පියවර ගන්නවා. ඒ වගේම පරිසර හිතකාමී විද්‍යුත් ත‍්‍රීරෝද රථ හා යතුරුපැදි නිෂ්පාදන රැුසක් චීනය මෙම ප‍්‍රද්ර්ශනයේදී හඳුන්වා දී තිබෙනවා. එය ඉතා වැදගත් වෙනවා.” යැයි පැවසීය.
මෙම අවස්ථාවට ක්‍ෑඵී ඨකදඉ්ක ශ‍්‍රී ලංකා ආයතනයේ ප‍්‍රධාන විධායක අධ්‍යක්ෂ ෂහීඞ් සර්වාර්, එහි අධ්‍යක්ෂ ඊජාෂ් සර්වාර්, ඇසෝසියේටඞ් මෝටර් වේස් සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ බ‍්‍රන්ඩන් මොරිස් මහත්වරුද සහභාගී විය.