ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක
කෙරේ.
පන්නමග, මුලන බටහිර, මගදෙනිය, කුරුන්දකන්ද, බොකරමුල්ලගොඩ මෙසේ ජනතා අයිතියට පත් කිරීමට නියමිත නිල සෙවණ කාර්යාල වෙයි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන මත 2020 අවසානය වන විට ''නිල සෙවණ''කාර්යාල 14,000 ක් ඉදි කිරීමට නියමිත අතර ඒ මගින් කාර්යක්ෂම, විශ්වාසනීය හා ගුණාත්මක රාජ්‍ය සේවයක් ගමේ ජනතාව අතරට ගෙනයාම සදහා අවස්ථාවක් ලැබෙනු ඇත.
නිල සෙවණ කාර්යාලයක් සඳහා රජය වෙන් කරනු ලබන මුදල රුපියල් ලක්ෂ 20කි.
මෙම කාර්යාල ග්‍රාම නිලධාරී, සංවර්ධන සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර යන ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිතා වන අතර ගමේ පොදු කටයුතු සඳහා ද යොදාගත හැකි ආකාරයෙන් ඉදි කර ඇත.