සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින සමෘද්ධි බැංකු 1074ක් නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ අභිනවටයන් ඉදි වූ ගාල්ල දික්කුඹුර සමෘද්ධි බැංකු ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. අලුතින් ඉදි වූ මෙම දෙමහල් සමෘද්ධි බැංකු ගොඩනැඟිල්ල සඳහා වැය කරන ලද මුදල රු. මිලියන 11.6කි.
තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද කී ය
චක්‍රීය ණය ක්‍රමය යටතේ මිනිසුන් සවිබලගැන්වීමේ අපහසු තත්ත්වයක් තියෙනවා. රු. විසිපන්දාහ - තිස්දාහ වගේ ණය අරගෙන කණ්ඩායමේ කවුරුන් හෝ ණය නොගෙව්වෙත් තම කණ්ඩායම අබල දුබල වෙනවා. සමෘද්ධි ප්‍රතිලාභීන්ට තල්ලුවක් දෙන්න, ඉස්සරහට ගන්න රුපියල් ලක්ෂ පහකට වඩා වැඩි ණය මුදල් ලබා දෙන්න කටයුතු කරනවා. අඩු පොලියට තමන්ගේ අතට වැඩි මුදලක් ලැබුණොත් සමෘද්ධ ප්‍රතිලාභීන්ට ඉස්සරහට ගිහින් දියුණුවක් දකින්න ලැබේවී. වැඩි ණය මුදල් ලබාගත්තත් කාගෙවත් සමෘද්ධිය කපන්න කටයුතු කරන්නේ නෑ.
පවුල් ලක්ෂ 8ක් සමෘද්ධිය දෙන්න ඉන්නවා. හැකිනම් ඒ ලක්ෂ අටට ම සමෘද්ධිය ලබාදෙන්න කටයුතු කරනවා. පළමු අදියරේ දී ලක්ෂ 2,3කට ඊළඟ මාසයේ මුල් සතියේ සමෘද්ධිය ලබාදෙනවා. දෙවන අදියරේ දී ඊළඟ දෙසැම්බර් තව කොටසකට සමෘද්ධිය ලබාදෙනවා. එක් අවුරුද්දකට සමෘද්ධිය වෙනුවෙන් රු. මිලියන 62ක් රජයෙන් ලබාදෙනවා. අවුරුදු 23ක් තිස්සේ සමෘද්ධි ප්‍රතිලාභීන් තවමත් සමෘද්ධිලාභීන් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, හබරාදූව ආසන සංවිධායක තාරක නානයක්කාර, පළාත් සභා මන්ත්‍රී ලයනල් ඉපලවත්ත, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ජේ. ඒ.ඒ. දඩල්ලගේ, අමාත්‍ය උපදේශක ලෙස්ලි තිසේරා යන මහත්වරුන් ද සහභාගී වූහ.