මෙම “ළමා පියස” ගොඩනැගිල්ල කොළඹ මෙට්ට්‍රොපොලිටන් රොටරි සමාජය විසින් රුපියල් මිලියන 10 ක මුදලක් වැය කර ඉදි කර ශ්‍රී ලංකා පොලිසිය වෙත පරිත්‍යාග කරන ලදී.
විවෘත කිරිමේ අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන හා කළමණාකරන සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, පොලිස්පති පූජිත් ජයසුන්දර, අතිරේක සොලිස්ටාර් ජෙනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, අපරාධ සහ රථ වාහන හා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, මෙට්ට්‍රොපොලිටන් රොටරි සමාජයේ සභාපති මහාචාර්ය නෙලුකා සිල්වා යන මහත්ම මහත්මියන් ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියහ.