ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන්ගේ විදෙස්ගතවීම් සීමා කරයි

    අගෝස්තු 08, 2018
    විදේශ ශිෂ්‍යත්ව හෝ පුහුණු වැඩසටහන්වලට ප්‍රාදේශීය හා පළාත් මට්ටමින් සේවය කරන කාෂිකර්ම නිලධාරින්ට හෝ ගොවීන්ට අවස්ථාවන් ලබා දීමේ අරමුණින් අමාත්‍යංශයේ නිලධාරින්ට වසරකට තුන්වතාවකට වඩා විදේශ ගතවීමට අවස්ථාව ලබානොදෙන ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට තමන් උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ “අපි වවලයි - අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික ක්‍රියාන්විතය පිළිබඳව පොළාන්නරුව හා මාතලේ දිස්ත්‍රික්කවල සිටින කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර සහ සංවර්ධන නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙන දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලට සහභාගී වෙමිනි.
     
    කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “අපි වවලයි අපි කන්නේ” කෘෂි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව එහිදී දැනුම්වත් කළ අතර, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
     
    "රටේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් දසදහසක් පමණ ඉන්නවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්නවා නිලධාරින් 15000ක් විතර. ඒ වගේම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේත් එවැනිම නිලධාරින් පිරිසක් ඉන්නවා. නමුත් අපි බැලුවොත් තවමත් අපේ රටේ වගා කළ හැකි භෝග තවමත්  පිටරටින් ආනයනය කරනවා" යැයි ද අමාත්‍යවරයා මෙහිදී කීය.
     
    මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඩබ්. එම්. එම්. ඩබ්. වීරසේකර  මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya