ඒ නිසා රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් ඇතිවිමට ඉඩක් නොමැති බව ඇමැතිවරයා සඳහන් කළේ, කැබිනට් තිරණ දැනුම්දීම සඳහා අද(08) පැවැති මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
මේ අතර අක්ෂි කාච පිළිබඳ ඇසු ප්‍රශ්නයට පිළිතුරු දුන් රාජිත සේනාරත්න මහතා, රජයේ රෝහල්වල වසරකට අක්ෂි ශල්‍යකර්ම 84000ක් පමණ සිදු කරන අතර ඒ සඳහා ගෙන්විමට පියවර ගත් බව කීය.එම අක්ෂි කාචයක මිල රුපියල්
30,000 ක් පමණ වේ.
ඒවා රෝලින්ට ලබාදෙන්නේ නොමිලේ ය. එසේ වුවද සමහර වෛද්‍යවරුන් නොමිලේ සිදු කෙරෙන අක්ෂි ශල්‍යකර්මවලට අකුල්හෙළන බව පැවැසු ඇමැතිවරයා, නොමිලේ සිදු කෙරෙන අක්ෂි ශල්‍යකර්ම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරිම මාධ්‍යයේ වගකිම බවද කිය.