ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    හදිසි දුම්රිය වර්ජනයට මඟීන්ගේ විරෝධය- දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි මගීන්ට බස් රථවල ගමන් කළ හැකියි

    අගෝස්තු 08, 2018

    වෘත්තීය සමිති කීපයක් විසින් අද සවස හදිසියේ ක්‍රියාත්මක කළ වර්ජනය හේතුවෙන් දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි මගීන්ට ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවලින් නොමිලේ ගමන් කිරීමේ හැකියාව සළසා දී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද(08) සවස ආරම්භ කළ වර්ජනය හේතුවෙන් කාර්යාල සේවා අවසන් කර නිවෙස් බලා ගමන් කිරීමට නියමිත ජනතාව දැඩි අපහසුතාවයට පත් විය.මේ හේතුව නිසා කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා විය.

    වැටුප් ගැටලුව සම්බන්ධයෙන් වෘත්තිය සමිති මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි පැවසේ.මෙම වර්ජනය සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියමකවරුන්, පාලකවරුන් සහ රියදුරන් එක්ව සිටින බව වාර්තා වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya