ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    පොදු හා පෞද්ගලික බස් රථ සියල්ල ධාවනයට එක් කෙරේ - A/L විභාගයට ඉදිරිපත් වන දරුවන් වෙනුවෙන් විශේෂ බස් රථ යොදනවා

    අගෝස්තු 08, 2018

    පුද්ගලික බස්රථ හා ගමනාගමන මණ්ඩලයේ සියලු බස් රථ ධාවනය කිරීම සඳහා තීන්දුවක් ගත් බවත් මඟී ජනතාවට මුහුණ දීමට සිදු වූ අපහසුතාවය පිළිබඳව කණගාටුව පළ කරන බවත් ප්‍රවාහන හ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

    අද (8)  ක්‍රියාත්මක කළ දුම්රිය වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත් මඟී ජනතාව වෙත සිය කණගාටුව පල කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    දුම්රිය වෘත්තීය සමිති කීපයක් පූර්ව දැනුම් දීමකින් තොරව වැඩ වර්ජනයක් සඳහා අවතීරණය වී තිබේ. ජනතාවට  සිදු වූ අපහසුතාවය පිළිබඳව රජයක් ලෙස කණගටුව ප්‍රකාශ කරනවා. ඔවුන්ට සාකච්ඡාව සඳහා ආරාධනා කළත්  වැඩවර්ජනය තුළින් සාකච්ඡවට එන්න අඳහස් කළ බවක් පෙනුනා, අප ප්‍රකාශ කළා, ජනතාව අපහසුතාවයට පත්  නොකරන ලෙස සහ වැඩවර්ජනය අවසන් කර සාකච්ඡවට පැමිණෙන්න කියලා.

    කැබිනට් මණ්ඩලය තීන්දුවක් අරන් තිබුණා, සමස්ත රාජ්‍ය සේවයට ම වැටුප් වැඩි කිරීමට කොමිටියක් පත් කර, කැබිනට් අනුමැතිය ලබාගෙන මාස දෙකක් තුළ ක්‍රියාත්මක කරන්න තීන්දු කරනවා කියලා.  ඒ පිළිබඳව සාකච්ඡවට පැමිණෙන්නේ නැතිව මෙලෙස ක්‍රිය කිරීම තුළ සිදු වූ අපහසුතාවය ප්‍රශ්නයක්. ශ්‍රී ලංකා  ගමනාගමන මණ්ඩලයේ සියලු බස් රථවල  දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි අයට නොමිලේ ගමන් කිරීමට අවසරය ලබා දී තිබෙනවා. ඒවාගේම පුද්ගලික බස් රථ හා ගමනාගමන මණ්ඩලයේ සියලු බස් රථ ධාවනය කිරීම සඳහා  තීන්දුවක් ගත්තා. මාර්ග බලපත්‍රයක් නොමැතිව,ඕනෑම මාර්ගයක ගමන් කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

    හෙට (09) දින උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන දරුවන් වෙනුවෙන් විශේෂ බස් රථ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ඩිපෝ 106 දැනුවත් කරන්න පියවර ගන්නවා. උදැසන පාසල් දරුවන්  වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. දුම්රිය වර්ජනය අවසන් වන තුරු ලංකා ගමනා  ගමන මණ්ඩලයේ බස් රථ හා පෞද්ගලික බස් රථවල ගමන් ගන්න ලෙස මඟී ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya