ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    අත්තනෝමතික ලෙස ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ග ගැනිම හෙළා දකිනවා- ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය

    අගෝස්තු 09, 2018

    ඊයේ (8) පස්වරුවේ දැනුම් දීමකින් තොරව ආරම්භ කළ දුම්රිය වැඩ වර්ජනය අමාත්‍යවරයා ලෙස තමා හෙලා දකින බවත් මෙය සෝචනීය කරුණක් බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

    වෘත්තීය ක්‍රියාමාර්ග ගැනිමේ අයිතිය ඕනෑම අයෙකුට තිබෙන බවත් එම ක්‍රියාමාර්ග ගැනීමේදී ජනතාව අපහසුතාවයට පත් නොවන පරිදි ක්‍රියා කළ යුතු බවද හෙතෙම අවධාරණය කරයි.

    මෙම වෘත්තීය ඉල්ලීම් කිසිසේත්ම අමාත්‍ය මණ්ඩලටය විසින් ප්‍රතික්ෂේප කර නොමැති බවත් එම ඉල්ලීම් නියමාකාරයෙන් ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ක්‍රියාකරන බවත් ඒ සඳහා යම් කාලයක් ගත වන බැවින් අසාධාරණ ලෙස වෘත්තීය ක්‍රියාමාර්ග වලට යොමු නොවන ලෙසට අමාත්‍යවරයා සියළුම වෘත්තීය සමිති නායකයින්ගෙන් ඉල්ලා සිටී.

    විශේෂයෙන් මේ දිනවල පැවැත්වෙන අ.පො.ස උසස් පෙල විභාගයට පෙනී සිටින දරුවන්ගේ ගමනාගමන පහසුකම් පිළිබඳව සලකා බලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ග නවතා සාකච්ඡා මට්ටමෙන් මේ ප්‍රශ්ණය විසඳා ගැනීමට සහය දක්වන ලෙසටද ඉල්ලා සිටී.

    මේ අතර ජනතාවගේ ගමනාගමන අපහසුතා මගහැරවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ 2000ක් පමණ යොදවා ඇති අතර අද සවස් වන විට ප්‍රධාන දුම්රිය මාර්ග වල මගී දුම්රිය 08ක් සහ ගුවන්තොටුපොලට තෙල් සැපයීමට ඉන්ධන ගැල් සහිත දුම්රියක් යෙදවීමටත් කටයුතු කර ඇති බවට අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya